ලොහාන් හොඳටම නාගනී. විපක්ෂය පතුරු ගහයි. ජාත්‍යන්තරයටත් යයි.

227
ලොහාන් හොඳටම
Ads by AOL

ලොහාන් හොඳටම නාගනී. විපක්ෂය පතුරු ගහයි. ජාත්‍යන්තරයටත් යයි.

බීමතින් සිරගෙදරට ගිය ඇමැතිවරයා වහාම තනතුරින් ඉවත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

Ads by AOL
Sri Lankan Matrimony

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා මේ බව දැනුම් දී ඇත.

අනුරාධපුර බන්ධනාගාර සංකීර්ණයේ රජයේ ඇමතිවරයෙකුගේ නින්දිත හා නීති විරෝධී හැසිරීම මම තරයේ හෙළා දකිමි.

මෙම පිළිකුල් සහගත නීති විරෝධී ක්‍රියාව මගින් අපේ රටේ පවතින අරාජික තත්වය මනා සේ විදහා දක්වනු ලබයි.

අපේ මාතෘ භූමියේ ජීවත්වන සියළුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට මෙම රජය බැඳී සිටී.

මෙම නීති විරෝධී සහ නින්දිත ක්‍රියාව වර්තමානයේ අපේ රටේ මානව හිමිකම් තත්ත්වය සීඝ්‍ර ලෙස පහත වැටීම පිළිබඳ තවත් නිදර්ශනයකි.

මෙම අමාත්‍යවරයා වහාම ධුරයෙන් ඉවත් කරන ලෙස මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමි.

මේ අතර,

‘සිරකරුවන්ට අයුතු ලෙස සැලකීම’ හෙළා දකින බවත්, ‘සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකම’ බවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කොට ඇත.

“මැන්ඩෙලා නීතියට අනුව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක්” යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ

ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය ට්විටර් පණ්වුඩයක් තබමින් සදහන් කොට ඇත.

එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය එන්නේ රාජ්‍ය ඇමති‌ ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස්

එහි සිටි සිරකරුවන් දෙදෙනෙකු ඔහු ඉදිරියේ දණ ගැස්වූ බවට වාර්තා වීමෙන් පසුවය.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply