ලෝකයෙන් තුනෙන් එකක් අල්ලන්න කොවිඩ් අස්සේ චීනය ගැසූ ගිවිසුම

253
Ads by AOL

ලෝකයෙන් තුනෙන් එකක් අල්ලන්න කොවිඩ් අස්සේ චීනය ගැසූ ගිවිසුම පිළිබඳ ලොවපුරා කතාබහට ලක්ව තිබේ. ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ආවරණය කරමින් රටවල් පහළොවක් ලොව විශාලතම වෙළඳ හවුල පසුගිය ඉරිදා පිහිටුවා ගනු ලැබුණේ අන්තර්ජාල තාක්ෂණය භාවිතා කරමිනි.

Regional Comprehensive Economic Partnership (RCEP) හෙවත් ‘කලාපීය පරිපූර්ණ ආර්ථික සහයෝගිතාවය‘ ලෙස හැඳින්වෙන මේ එකමුතුව, ගිනිකොණදිග ආසියානු රටවල් 10කින් ද, දකුණු කොරියාව, චීනය, ජපානය, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තයෙන් ද සමන්විත වේ.

Ads by AOL
Sri Lankan Matrimony

මේ එකමුතුව, මෙම කලාපය තුළ පවත්නා චීනයේ බලපෑමේ ම දිගුවක් යැයි කියවේ. එහෙත් චීනය ලෝකයෙන් තුනෙන් එකක් අල්ලන්න ගැසූ ගැටයක් ලෙස බොහෝ දෙනා මෙය සලකයි.

එය තවදුරටත් එක්සත් ජනපදය ඉන් ඉවත් කර ඇති අතර, එක්සත් ජනපදය ද ආසියානු පැසිෆික් වෙළඳ හවුලෙන් 2017 වර්ෂයේ දී ඉවත් වූවේ ය.

ධූරයේ වැඩ කරයුතු භාරගෙන මද කාලයකට පසු ව ජනාධිපති ට්‍රම්ප් එක්සත් ජනපදය Trans-Pacific Partnership (TPP) නම් වෙළඳ හවුලෙන් ඉවත් කර ගත්තේ ය.

RCEP සම්බන්ධයෙන් කතාබහ ඇරැඹුණේ 2012 දී පමණ වන අතර ඒ පිළිබඳ ගිවිසුමට අත්සන් තැබුණේ පසුගිය ඉරිදා ආසියාන් (Association of Southeast Asian Nations (Asean)) හමුවක් අතරතුර ය.

මෙය වැදගත් වන්නේ ඇයි?

RCEP හවුල එතරම් පුළුල් නොවන අතර (TPP) හවුලේ අනුප්‍රාප්තිකයා ලෙස තීරු බදු කපා හැරීමක් සිදු කරන්නේ ද නැත. එහෙත් බොහෝ විශ්ලේෂකයන්ට අනුව RCEP හවුලේ ප්‍රමාණය ම එය වැදගත් එකමුතුවක් බවට පත් කරයි.

“චීනය ඇතුළු බොහෝ ජාතීන් සංඛ්‍යාවක් එහි සාමාජිකත්වය දරයි; එය RCEP සාමාජිකයන්න් ගේ දළ දේශීය නිශ්පාදිතය ඉහළ නංවන්නට හේතුවනු ඇති,” ආර්ථික විද්‍යාඥයකු වන රජිව් බිස්වාස් කියා සිටියි.

චීනය ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුම් කීපයකම සාමාජිකත්වය දැරුවද, එය කලාපීය බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුමක සාමාජිකත්වය දරන්නේ ප්‍රථම වරට ය.

සාමාජිකයන්ට මෙය අවශ්‍ය ඇයි?

මූලික වශයෙන්, කොරොනාවෛරස ගෝලීය වසංගතයෙන් මිදී ප්‍රතිසාධනය වන්නට මෙම හවුල උපයෝගී කර ගත හැකි වනු ඇතැයි නායකයෝ විශ්වාස කරති.

“පවත්නා ගෝලීය වාතාවරණය යටතේ, වසර අටක කතිකාවකින් පසුව RCEP හවුලට අත්සන් තැබිම වළාකුළු අතර වන ආලෝක රේඛාවක් ගෙන දෙනවා” යැයි චීන නායක ලී කෙකියං කියයි.

දීර්ඝ කාලීනව, මෙම හවුල “බහුපාර්ශ්විකත්වයේ සහ නිදහස් වෙළඳාමේ ජයක්” ලෙස ඔහු විස්තර කරයි.

ඉන්දියාව ද මෙම කතිකාවතේ හවුල්කාරයකු වූ නමුත් ඔවුන් පසුගිය වසරේ ඉවත් වූයේ අඩු කරන ලද තීරු බදු එරට දේශීය නිෂ්පාදකයන්ට අනිසි ලෙස බලපානු ඇතැයි කියමිනි.

මෙම හවුලේ පාර්ශවකරුවන් කියා සිටින්නේ අනාගතයේ හෝ ඒ හා සම්බන්ධ වන්නට ඉන්දියාවට එහි දොරටු විවෘත වී ඇති බව යි.

RCEPහි සාමාජික රටවලට ලෝක ජනගහණයෙන් තුනෙන් එකක් අයිති වන අතර, ගෝලීය දළ දේශීය නිශ්පාදිතයෙන් 29%ක් ද අයත් වේ.

මේ නව නිදහස් වෙළද හවුල යුරෝපා සංගමයට ද එක්සත් ජනපද- මෙක්සිකෝ සහ කැනඩා එකඟතාවට ද වඩා විශාල ය.

RCEP කුමක් කරාවි ද?

වසර විස්සක් ඇතුළත තීරු බදු රාශියක් ඉවත් කරන්නට RCEP බලාපොරොත්තු වේ.

ඊට බුද්ධිමය දේපල, විදුලි සංදේශනය, මූල්‍යමය සේවාවන්, e-වාණිජ්‍යය, සහ වෘත්තිමය සේවාවන් ද ඇතුළත් වෙයි.

යම් නිෂ්පාදනයක් පැමිණෙන්නේ කොතැනින් ද යන්න තීරණය කරන – නව “මූලාරම්භක නීති” (“rules of origin”) මෙහි විශාල ම වෙනස සිදු කරනු ඇත.

මේ වන විටත්, බොහෝ සාමාජික රාජ්‍යයන් අතර නිදහස් වෙළද ගිවිසුම් ඇති අතර, ඒවාට ද යම් යම් සීමා ඇත.

“RCEP හා සංසංදනය කරන කල පවත්නා නිදහස් වෙළද ගිවිසුම් භාවිතයට ගැනීම ඉතා සංකිර්ණ විය හැකි යි.” ආසියානු වෙළඳ මධ්‍යස්ථානයේ ඩෙබෝරා එල්ම්ස් කියා සිටියි.

ගෝලීය සැපැයුම් දාම සමග ව්‍යාපාර කිරීම නිදහස් වෙළද ගිවිසුම් තිබියදී පවා තීරු බදුවලට මුහුණ දිය හැක්කේ ඒවා යේ නිෂ්පාදනවල වෙනත් තැන්වල සෑදු කොටස් ද තිබිය හැකි බැවිනි.

ඉන්දුනීසියාවේ නිෂ්පාදනය කළ භාණ්ඩයක ඕස්ට්‍රේලියානු කොටස් තිබිය හැකි ය; උදාහරණයක් වශයෙන්, එය ආසියාන් නිදහස් වෙළද කලාපයේ වෙනත් තැනෙක තීරු බදුවලට ලක්වීමට පිළිවන.

RCEP යටතේ, සාමාජික රටක කොටස් සමානව සලකනු ලැබෙනු ඇති අතර, මෙය RCEP රටවල සමාගම්වලට එම රටවල සාමාජියන් අතරින් ම නිෂ්පාදකයන් සෙවීමට කරන පෙළඹවීමක් වනු ඇත.

ප්‍රතිලාභ ලැබෙන්නේ කාටද?

ජාත්‍යන්තර ආර්ථිකය සදහා වන පීටර්සන් ආයතනය ඇස්තමේන්තු ගත කරන පරිදි මෙම හවුල හරහා 2030 වන විට ගෝලීය දේශීය ආදායම වාර්ෂික ව ඇ.ඩො. බිලියන 186කින් ඉහල යනු ඇති අතර 0.2%ක් ද එහි සාමාජික රටවල ආරථිකයට ද එකතු වනු ඇත.

කෙසේ වෙතත්, ඇතැම් විශ්ලේෂකයකුට අනුව මෙම හවුල අනෙක් සාමාජික රටවලට වඩා චීනයට, ජපානයට සහ සහ දකුණු කොරියාවට ලාභදායි වනු ඇත.

“මේ හවුලේ ආර්ථික වාසි ගිනිකොණදිග ආසියාවට පමණක් සීමාවනු ඇති අතර, ඊසානදිග ආසියාව සම්බන්ධයෙන් එහි සුවිශේෂි වෙළද සහ තිරුබදුවලට අදාළ තත්ත්වයන් දැකීමට පිළිවන් වනු ඇතැයි Economist Intelligence Unitහි නික් මාරො කියයි.

එහෙත් කුමන රටක් හෝ එහි ප්‍රතිඵල දකින්නට යම් කලක් ගතවනු ඇත්තේ ආසියාන් රටවල් 6ක් සහ වෙනත් රටවල් තුනක් එය බලාත්මක කළ යුතු වන බැවිනි. මෙය සෙමින් සිදුවනු ඇතැයි මාරො සිතයි.

වෙළද-විරෝධී සහ චීන-විරෝධී අදහස් හේතුවෙන්, බලාත්මක කිරීම එක් එක් පාර්ලිමේන්තුවල විවිධාකාරයක් ගනු ඇතැයි ඔහු කියයි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply