31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව ආර්ථික "වතු කම්කරු වැටුප රු. 1000ක් කරනවා කියල කිව්වේ විහිළුවට"- බන්දුල සිනහවෙමින් කියූ...

මාර්තු 01 වනදා සිට වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව තෛපොංගල් දිනයේදී ජනාධිපතිවරයා විසින් නිවේදනය කළේ ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා ඒ සඳහා නිශ්චිත දිනයක් පවසන්නැයි කළ ඉල්ලීම අනුව බවත් ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර නොමැති බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

“නෑ, ඒගොල්ලො එහෙම ප්‍රකාශ නිකුත් කළාම එහෙම කරගන්න බැරි ඒවා සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොකද්ද කියන එක ආණ්ඩුව තීරණය කරයි. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව, රුපියල් දාහක් දෙනවා කියපු කතාව විහිලුවට වගේ කියපු එකක්. !

තෛපොංගල් දිනයේදි තොණ්ඩමන් අමාත්‍යතුමාගෙ ඉල්ලීම වුණේ මේ දීර්ඝ කාලයක් වතු කම්කරුවන්ගේ ඉල්ලීම සඳහා එය ලබාදෙන නිශ්චිත දිනයක් සඳහන් කරන ලෙස. ඒ පණිවිඩය ලබලා දීලා තියෙනවා.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (16) දිනයේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසූ අවස්ථාවේදීය.

කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ ආණ්ඩුවේ අමාත්‍යවරුන් මෙම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර ප්‍රකාශ සිදුකරන ආකාරය ද දක්නට ලැබිණි.

පෙරේදා (15) දිනයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සිංහල භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණේ තේ කර්මාන්තය සඳහා රජය විසින් සහන පැකේජයක් ලබාදී ඇතිවා මෙන්ම පොදුවේ බදු සහනය ද ඔවුන්ට ලැබී ඇති බැවින් වතු සමාගම් මඟින් මෙම වැටුප් වැඩිකිරීම සිදු කළ යුතු බවය.

එහෙත් එදිනම විදුලිබල මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී රජයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දෙමළ භාෂාවෙන් ප්‍රකාශ කර තිබුණේ වතු කම්කරු වැටුප් වැඩිකිරීමට වතු සමාගම්වලට අපහසු විය හැකි නිසා රජය විසින් තේ මණ්ඩලය හරහා සමාගම්වලට මුදල් ලබාදීමටත් සාමුහික ගිවිසුමක් අත්සන් තැබීමටත් තීරණය කර ඇති බවකි.

Lanka News Web ඇසුරෙනි

ප්‍රතිචාර: 1

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්