31 C
Colombo
Monday, January 18, 2021
මුල් පිටුව උණුසුම් පුවත් වාසුදේව නානායක්කාර කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙයි.

වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ් වැළඳීම තුලින් ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් රැසකට වෛරසය ආසාදනය වී තිබීමේ සම්භාවිතාවය වැඩි බව වාර්තා වේ.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය විය.

ජනවාරි 8 වන දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොවිඩ් ආසාදිත බවට තහවුරු විය.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.

කොරෝනා එන්නතක් අපිට අවශ්‍ය නෑ

කොරෝනා වෛරසයට එරෙහිව මෙරටින් සොයා ගෙන ඇති දේශීය ඖෂධය තුළින් ආසාදිතයන් සුවපත් කිරීමට ලැබුණොත් ඊට විරුද්ධව එන්නත් හා ඖෂධ නිෂ්පාදනය කරන රටවලිවන් විශාල කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක විය හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මීට පෙර සඳහන් කර තිබිණ.

ලොව අඩු දියුණු රටවල් වලින් මතුවන හැකියාවන් දියුණු රටවල් විසින් අවශෝෂණය කර ගැනීමට හෝ යටපත් කරලීමට උත්සාහ කරන බව ද ඒ මහතා පැවසීය.

සාර්ථක දේශීය ඖෂධයක් ශ්‍රී ලංකා වැනි පුංචි රටක සොයාගත හොත් එන්නත් ඇතුළු ඖෂධ නිපදවන රටවලින් තර්ජනයක් එල්ල වීමේ හැකියාව තිබෙන බවත් එනිසා දැඩි අවධානයෙන් සිටිය යුතු බවද ඔහු කියා සිටියේය.

අප සොයා බැලිය යුත්තේ සොයාගත් ඖෂධයේ ගුණ අගුණ මිස එය නිෂ්පාදනය කරන පුද්ගලයාගේ තොරතුරු නොවන බවද ඇමතිවරයා පැවසීය.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මෙම අදහස් පළ කළේය. එසේම ඔහු වැඩි දුරටත් අවධාරනය කර සිටියේ ලංකාවට කොරෝනා එන්නතක් අවශ්‍ය නොවන බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

"43 සේනාංකය" මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය...

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් කියාගෙන විමර්ශනවලට බලපෑම් එපා!

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා; පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය...

දයා රත්නායක කියයි “ප්‍රධාන වරාය කිසිවක් රජය පාලනය කරන්නෙ නෑ”

දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.  ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන්...

පාඨක අදහස්