31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව ගොසිප් වියත්මග ප්‍රධානියා ගෝඨාභයගේ රෙදි ගලවයි

වියත්මග ප්‍රධානියා ගෝඨාභයගේ රෙදි ගලවයි

වියත්මග ප්‍රධානියා ගෝඨාභයගේ රෙදි ගලවන ලිපියක් සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය වේ.

වියත්මග සංවිධානයේ හිටපු ප්‍රධානියා සිය ෆේස්බුක් පිටුවේ පළකරන ලද ලිපියක් ලෙස මෙය හඳුනාගෙන තිබේ.

- Ads by AOL-
Sri Lankan Matrimony

එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනපතිධුරය දක්වා රැගෙන ඒමේ කර්තව්‍යයේදී විශාල වැඩකොටසක් කළ වියත්මග සංවිධානයේ හිටපු ප්‍රධානියෙක් වන එරන්ද ගිනිගේ විසින්

ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ලියමින් සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත් කිරිමේ මෙහෙයුම පිටුපස ඉන්දියාව සිටිබව තමා හොඳින්ම දන්නා බවයි.

වත්මන් ජනපතිවවරයා කිසිම බාහිර පාර්ශවයකට යටත් වෙන්නේ නැති පුරවැසියන්ට පමණක් වගකියන අයෙක් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වුවත්

වරාය ජැටිය සම්බන්ධ කාරණයේදි පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ විදේශ ඒජන්තයන් ගෝඨාභය ජනපතිවරයාගේ කර උඩ නැග සිටින බවත් එරන්ද ගිනිගේ වැඩිදුරටත් පවසයි.

ගෝඨාභය ජනපතිවරයාට උගත් පාඩම් සියල්ල මේ වනවිට අමතක වී ඇති බවත් දක්ෂයාට, සුදුස්සාට සුදුසු තැන දෙනු වෙනුවට විදේශ ඒජන්තයන්ගේ අවශ්‍යතාවය මත

නුසුදුස්සන්ට මුල් තැන දී ඇති බවත් පවසන වියත්මග නායකයා,

ගෝඨාභය රාජපක්ෂ වටා අවංක දක්ෂයන් කන්ඩායමක් වෙනුවට දැන් සිටින්නේ මිත්‍යාදෘෂ්ඨික අවස්ථාවාදි අහංකාර බිස්නස්කාරයන් කිහිපදෙනෙකු බවත් පවසයි.

වියත්මග ප්‍රධානියා ගෝඨාභයගේ රෙදි ගලවන ලිපිය මෙසේය.

ගරු ගෝඨාභය ජනපතිතුමනි

ඔබතුමාගේ ජනපති ධූර කාලය තුළ සිදු වේ යැයි මා හීනෙන්වත් නොසිතූ දෑ දැන් සිදුවෙමින් තිබේ.

ඒවා ලැයිස්තුවක් ඇති මුත් මේ ලිපිය ලියන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධවයි.

ඔබතුමා පැහැදිලිවම ඉන්දියාවට බිය වී සිටී. ඔවුන්ගේ තර්ජන ගර්ජන හමුවේ ඔබතුමාගේ කොන්ද වකුටු වී තිබේ. ගමේ වැසියන් ඉදිරියේ වීරයෙකු මෙන් කතා කළත් ඉන්දියානුවන් ඉදිරියේ ඒ වීරකම් නැති බව පෙනේ. එය කණගාටුවට කරුණකි.

නමුත් ඔබතුමා මුහුණ දී සිටින තත්ත්වයද මට තේරුම් ගත හැකිය.

ඔබතුමා බලයට ගෙන ඒමට ඇමරින්දියාව කිසියම් කාර්යයක් කළ බවත් ඉන්දියාවේ සහාය නොමැතිව ඔබතුමාට ඉදිරියට කටයුතු කළ නොහැකි යැයි පුන පුනා ඔබතුමාට කියා දෙන ඒජන්තයන් ඔබේ කර උඩ ලැගගෙන ඉන්නා බවත් පැහැදිලිය.

කිසිදු බාහිර පාර්ශවයකට යටත් නැති ජනරජයේ වැසියන්ට පමණක් වගවෙන වගකියන අයෙකු ජනරජයේ වැසියන් විසින්ම පමණක් සිය ජනපති කරගත්තා යැයි මා සිතුවත්

තවත් මිලියන ගණනක වැසියන් තවම සිතා සිටියත් එය සත්‍යයක් නොවන ළාමක හිතළුවක්ම යැයි මා තේරුම් ගත්තේ ඔබ ජනපති වූ මුල් මාස කිහිපයේදීමය.

ශ්‍රී ලංකාව පාලනය කරන්නේ එහි වැසියන් විසින් වැසියන්ට උවමනා ආකාරයට නොවන බව මනාව ඔප්පු කරන ආසන්නතම නිදසුන නැගෙනහිර ජැටිය පිළිබඳව ඔබතුමා සිදු කළ සසර කලකිරවන ප්‍රකාශයයි.

ලංකාවේ ජනපතිවරු සහ ආණ්ඩු හදවන්නේත් ඒ හදන ආණ්ඩු ක්‍රියා කරවන්නේත් ඒවා බිඳ දම්මවන්නේත් ප්‍රබල විදේශ සංවිධාන සහ ධනවත් පුඟුලන් විසින් බව මම දැන් ප්‍රත්‍යක්ෂයෙන් දනිමි.

ලබන පෙබරවාරි හතර වැනිදා සමරන ඊනියා ස්වාධීනත්වය යනු අප අපවම රවටා ගන්නා හිස් කර්මයක් බව පැහැදිලිය.

මන්ද ජනරජයේ සම්පතක් පිළිබඳව තීරණය ගන්නේ විදේශ රාජ්‍යයක උවමනාවට නම් ජනරජය ස්වාධීන විය නොහැක. ස්වෛරී විය නොහැක. නිදහස් විය නොහැක.

ඒ අනුව බලන කල මේ රාජ්‍යය ජනරජයක්ද නොවේ.

මන්ද රාජ්‍යයේ අයිතිය එහි වැසියන් නොවන අයටද තිබෙන බැවිනි.

හි ඇති ප්‍රජාතන්ත්‍රයකුත් නැත. මන්ද රාජ්‍යය තන්ත්‍රය සඳහා තීන්දු තීරණ ගන්නේ එහි වැසියන් විසින්ම නොවන බැවිනි.

මෙවැනි මූලධර්ම සහ ප්‍රතිපත්තිමය කාරණා ගැන මා වදවෙන බව ඔබතුමා දනී.

නමුත් බහුතර ලක්වැසියන්ට මේවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් හෝ නැති බවත් අප දෙදෙනාම දනී.

අයිතියෙන් කොටස් විකිණීම “විකිණීමක්” නොව “ආයෝජනයක්” යැයි ඔබතුමා කියන්නේ එවැනි පරස්පර ප්‍රකාශ විනිවිද දැකීමට තරම් බුද්ධියක් බහුතර ලක්වැසියන්ට නොමැති බව ඔබතුමා දන්නා බැවිනි.

මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ ලක්වැසියන්ට බුද්ධියේ පහණ දල්වනු ඇත කියාය.

නමුත් ඔබතුමා කරන්නේත් අන් සියලු නියෝජිතයන් කරන්නාක් මෙන් අන්ධකාරයම පවත්වා ගැනීමකි.

එය ඔබතුමාගේ පෞද්ගලික උවමනාව මත වුවත් නැතත් කොහොමත් සිදු වෙන්නේ එය බව ඔබ පිළිගත යුතුය.

මා බලාපොරොත්තු වූයේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි. නමුත් ජනරජයේ ප්‍රධානයාම විදේශයන්ට බැඳී ඇත.

මා බලාපොරොත්තු වූයේ ලංකාවේ වරාය විසින් දකුණු ආසියාවේ වෙනත් වරාය කළමනාකරණය කරන දිනක් ඉක්මනින් උදාවනු ඇත කියාය.

නමුත් දැන් සිදුවන්නේ ලංකාවේ හැදෙන වරාය ටිකත් බාල පිටස්තර ව්‍යාපාරිකයන් විසින් කළමනාකරණය කරන තැනට වැටීමයි.

මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ දිනවල අපට කියූ මෙරිටෝක්‍රසී ක්‍රමයට රටේ දක්ෂයාටම සුදුසු තැන දෙනු ඇත කියාය.

නමුත් ඔබතුමා වරායට පත් කිරීම් කර ඇත්තේ වෙනත් රටවල උවමනාවටය.

මා බලාපොරොත්තු වූයේ සියලු විධායක කටයුතු විවෘතව සහ විනිවිදභාවයකින් සිදු කරනු ඇත කියාය.

නමුත් නැගෙනහිර ජැටිය අරබයා ඇස්තමේන්තු වැසියන්ට දක්වා නැත, ව්‍යාපාර සැලැස්ම වැසියන්ට දක්වා නැත,

වාසි-අවාසි විශ්ලේෂණ වැසියන්ට දක්වා නැත, විකල්ප සැසඳුම් වැසියන්ට දක්වා නැත, අවදානම් කළමනාකරණ සැලසුම් වැසියන්ට දක්වා නැත, විවෘත ටෙන්ඩර් පටිපාටි නැත…

මා බලාපොරොත්තු වූයේ කෙතරම් අපහසු වුවත් ඔබතුමා හරි දෙයම හරි විදිහට හරි තැන හරි වේලාවට කරනු ඇත කියාය. සියලු බාධක හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනු ඇත කියාය.

නමුත් ඔබතුමා පීඩනය ඉදිරියේ සැලී ඇත. ඉතා විශාල වන්දියක් ගෙවා උගත් වටිනා පාඩම් ඔබතුමාට අමතක වී ඇත. ඔබතුමා පසුපසින් අවංක දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් නැත.

ඉන්නේ මිත්‍යාදෘෂ්ටික අවස්ථාවාදී අහංකාර බිස්නස්කාරයන් කිහිපදෙනෙකි.

එවැනි තත්ත්වයක් හමුවේ ඉදිරියට යහපතක් වේ යැයි සිතන්නට බැහැ ජනපතිතුමනි. ඔබ විසින් ඔබවම අර්බුදයට පත් කරගෙන ඇත.

ඔබතුමා නිල වශයෙන් ජනපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ දිනයේ හිටපු ජනපති ගරු මහින්ද රාජපක්ෂ මහතා සිය විශිෂ්ට කතාව අවසානයේ ඔබ දෙසට ඇඟිල්ල දිගු කරමින් කියූ ප්‍රකාශය මාගේ දෙසවනේ දෝංකාර දේ.

“මට පළමුව වටින්නේ මගේ රට… දෙවනුවත්… තෙවනුවත් මට වටින්නේ මගේ රට… ගෝඨා! ඔබටත් එය එසේ විය යුතුයි!!!” යනුවෙන් ශාලාව ගුගුරවමින් ඒ කියූ වචන අද මහත් බරකින් දැනේ.

බතුමාට ඒවා මතකද

ඔබේ විශ්වාසී
එරන්ද ගිනිගේ
වැසියා
2021 ජනවාරි 15

https://www.facebook.com/erandaginigepersonal/posts/10158911704986171

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

කාර් එකෙන් බයික් දෙක යට කර අයෙක්ව කපාකොටා මරයි

නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව...

පාඨක අදහස්

SLStory