31 C
Colombo
Monday, January 18, 2021
මුල් පිටුව උණුසුම් පුවත් වෛරසය ආසාදනය වී දයාසිරි ජනාධිපති කාර්යාලයට ගිහින්

කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති කාර්යාලයට ගොස් ඇති බව වාර්තා වේ.

දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇතැයි හඳුනාගෙන ඇත.

ජනවාරි 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමකට වී ඇත.

එමෙන්ම එම කාලයේදී ඔහු ජනාධිපති ලේකම් කාර්‍යාලයට ද ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය හෙළිකරගෙන තිබේ.

මේ දක්වා අමාත්‍යවරයාට කොරෝනා වැළඳුණු මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.

මේ අතර කොරෝනා වෛරසය මර්දනය සඳහා රිටිගල දේවේන්ද්‍ර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දේශීය ඖෂධය රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ බිරිඳ ඇතුළු එම නිවසේ නිරෝදායනය වන පවුලේ සාමාජිකයන්ට ලබාදී තිබේ.

ආසාදිත දයාසිරි ජයසේකර මහතා මේ වනවිට හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටී.

දයාසිරි ජයසේකර මහතාට ද ඖෂධය ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා ඔහු කැමැත්ත දෙන්නේ නම් සිටිනා ස්ථානයකට පැමිණ එය ලබා දෙන බවක් දේවේන්ද‍්‍ර මහතා සඳහන් කළේය.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයේ ජනවාරි 08 වැනිදා ය.

PHI වරුන්ගෙන් ප්‍රශංසා

තමන්ට කොරෝනා වයිරසය අසාදිත වී ඇති බව නොසඟවා ඒ බව මුහුණු පොත හා ට්විටර් පණිවුඩ හරහා සමාජය දැනුවත් කළ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් ජනතා නියෝජිතයන් පිළිබඳව තම සංගමයට දැඩි ආඩම්බරයක් ඇති වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහෙන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

මීට පෙර ඒ ආකාරයට කොරෝනා වයිරසය ආසාදනය වූ ඇතැම් ජනතා නියෝජිතයන් එම වයිරසය ආසාදනය වීම හේතුවෙන් තමන්ට ලජ්ජාවක් ඇති වේ යැයි සිතා ඒ බව සඟවා රහසිගතව පෞද්ගලික රෝහල්වලට ගොස් ප්‍රතිකාර ගෙන ඇති බව තම සංගමය දන්නා බවද ඒ මහතා පැවැසීය.

ජනතා නියෝජිතයන් ආදර්ශවත්ව කටයුතු කළහොත් ඔවුන්ගේ අනුගාමිකයනුත් ඒ ආකාරයට කටයුතු කිරීමට පෙලඹෙන බවද පැවැසූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මී පැණි පසුපස, මළමිනී පසුපස හා එන්නත් පසුපස නොයා සෞඛ්‍ය බලධාරීන් ලබාදෙන උපදෙස් අනුව ජනතා නියෝජිතයන් ඇතුළු සියලුදෙනා කටයුතු කරන්නේ නම් මෙම වයිරසයෙන් බේරීමට හැකියාව ඇති බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

"43 සේනාංකය" මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය...

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් කියාගෙන විමර්ශනවලට බලපෑම් එපා!

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා; පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය...

දයා රත්නායක කියයි “ප්‍රධාන වරාය කිසිවක් රජය පාලනය කරන්නෙ නෑ”

දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.  ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන්...

පාඨක අදහස්