කොරෝනා වෛරසය වැළදී ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අඩුම ප්‍රමාණයක් කරන ලද රටවල් අතර ශ්‍රී සිටින බව https://www.worldometers.info/ වෙබ් අඩවිය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව මේ දක්වා සිදුකර ඇති සමස්ත කොරෝනා ටෙස්ට් සංඛ්‍යාව 6463ක් වන අතර ශ්‍රී ලංකාව කොරෝනා පරීක්ෂණ ශ්‍රේණිගත කිරීමේ 104 වැනි ස්ථානයේ පසුවන්නේ ලොව අතිශය දිළිඳු රටවල් මෙන්ම අපට වඩා ජනගහන අඩු රටවල්ද ලංකාවට වඩා කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති පසුබිමකය.
ශ්‍රී ලංකාව ජනගහනය මිලියනයකට පරීක්ෂණ සිදුකර ඇත්තේ 302ක් පමණි. එහෙත් රුවන්ඩාව (537), ගෝතමාලාව (402) වැනි දිළිඳු රටවල් පවා ජනගහනය මිලියනකට කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ඉක්මවා යාම මෙරටේ අකාර්යක්ෂම වැඩ පිළිවෙල මනාව තහවුරු කරයි. පසුගිය කාලයේ යුද්ධයෙන් අතිශය පීඩාවට පත් ඉරාකය පවා ජනගහනය මිලියනයකට පරීක්ෂණ 1396ක අගයක පවතවා ගැනීම සුවිශේෂීය.



Methiwarnayak epa……….✅
BORU KIYANNA EPA. ETHAKOTA ARA TV..PATHTHARA…EMATHIWARU…SOCIAL media WALA KIYAPU DEWAL BORUDA?DANNE NETHI NISAI AHANNE…THARAHA GANNA EPA…..RAJAYA BORU KIYANNE NEHA NEDA?….THAMA EHENAM 09 WENIYA NEDA……SANEEPAI……