සඳුන් උයන ඥාණක්කාගේ ගුරුකමක් බව හෙළිවේ

2714
Ads by AOL

රුපියල් කෝටි 30 ක වියදමින් පාර්ලිමේන්තුව අසල පසුගියදා ඉදිකර විවෘත කරන ලද සඳුන් උයන

එසේ ඉදිකර ඇත්තේ අනුරාධපුරයේ ඥාණා මෑණියන්ගේ උපදෙස් පරිදි බව දැන් අනාවරණය වී තිබේ.

Ads by AOL
Sri Lankan Matrimony

මහජනයා අතර විවිධ නොසන්සුන්තා සහ ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් මෑතක සිට විශාල වශයෙන් වර්ධනය වීමත් එසේම ආණ්ඩු පක්ෂය තුළම

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් ආණ්ඩුව පිළිබඳ විවේචන එල්ල වීම සහ ඔවුන් ආණ්ඩුව හැර හැරදමා යා හැකි යැයි බිය පළ වීමත් සමඟම

ඊට ප්‍රතිකර්මයක් ලෙස කළ යුත්තේ කුමක්දැයි ඥාණා මෑණියන් ගෙන් ඇසීමෙන් පසුව ඇය විසින් උපදෙස් දී ඇත්තේ

පාර්ලිමේන්තුවට පෙනෙන මානයේ සඳුන් උයනක් කරවන ලෙසයි.

සඳුන් උයන

මේ සෑම සඳුන් ගසක් පාමුල ම ජීවම් කරන ලද සුර සහ වෙනත් පූජා භාණ්ඩ ඇතුලත් කර තැනූ මුට්ටි වැලලූ බව මෙහි ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කරන ලද පුද්ගලයන් හෙළිදරව් කර තිබේ.

මීට අමතරව සෑම රතු හඳුන් ගසක් පාමුල ම රතු නූලකින් වෙලන ලද තඹ යන්ත්‍ර තැන්පත් කර ඇත.

එමෙන්ම මෙය විවෘත කිරීමට පෙර දින රාත්‍රියේ අනුරාධපුරයේ සිට ගෙන ආ මතුරන ලද පැන් කළයකින් සෑම ගසක් පාමුලටම පැන් ඉසීමක් සිදු කර ඇති බවද පැවසේ.

මෙතැන් සිට තුන් මාසයක් යන තෙක් හතර පෝය දිනයේ ම රාත්‍රියෙහි මේ පැන් ඉසීම අඛණ්ඩව සිදු කිරීමට නියමිතය.

මේ සඳුන් උයන සාදා තමන් කියන ආකාරයෙන් ඒ වත් පිළිවෙත් දිගට ම සිදු කිරීම මගින් ආණ්ඩුව හා ජනාධිපතිතුමා වෙත එල්ල වෙමින් පවතින

ජනතා අප්‍රසාදය මාස කිහිපයක් තුළ අඩුවී යන බවත් එසේම දැනට ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් සිටින මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය හා ගෞරවය නැවතත් ආණ්ඩුවට ලැබෙන බවත් ඥාණා මෑණියන් විසින් පවසා තිබේ.

ඇය වැඩිදුරටත් කියා ඇත්තේ සදුන් ගසක් සිඳින්නට මඩින්නට ගන්නා සෑම උත්සාහයකින්ම ඒ ගසේ සුවඳ තව තවත් වැඩියෙන් ලෝකයට දැනෙන්නාක් මෙන්

මේ ආණ්ඩුවට එල්ලවෙන විවේචන අවලාද මගින් ආණ්ඩුවේ හා ජනාධිපතිතුමාගේ කීර්තිය තව තවත් වැඩි වෙවී දසත පැතිරී යනු ඇති බවත්ය.

මේ පිළිබඳව කලකිරීමෙන් කතා කළ ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරයෙක් තමන්ගේ මිතුරන් හා පවසා තිබුණේ

ප්‍රේමදාස ජනාධිපතිවරයා අවසාන කාලයේදී දැඩි මිත්‍යා මිථ්‍යාදෘෂ්ටික අදහස්වලින් නොමඟ ගියාක් මෙන්

මේ ජනාධිපතිවරයාත් ඥාණා නැමැති නූගත් කපටි ගැහැනියකගේ වචනවලට රැවටී මහජන මුදල් විනාශ කරමින්

එසේම උගත් ජනතාව ඉදිරියෙහි විහිළුවක් බවට පත්වෙමින් සිටින බවයි.

සබැඳි : රාජපක්ෂලාව පාලනය කරන චරිතය අනුරාධපුරේ ඥාණා මෑණියෝ

සඳුන් උයන ඥාණක්කාගේ ගුරුකමක්..!

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply