31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් සබීතාට තවමත් මාසෙට කෝටි දෙකක් ගෙවයි

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයක් පමණ තිබෙන අතර ඉන් භාගයට භාගයක්ම පවත්වාගෙන යන්නේ කුලී පදනම මත පෞද්ගලික ගොඩනැගිලි වල බවට රජයේ විගණන කාර්යාලයේ නිලධාරීහු හෙළි කර සිටිති.

මේ වනවිට විශේෂ සොයා බැලීමක්ද ආරම්භ කර ඇතැයි ඔවුහු සඳහන් කරති.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඉකුත් යහපාලන කාලසීමාවේදී කැබිනට් අනුමැතියට අනුව රාජගිරිය ප්‍රදේශයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලට මසකට රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් කුලී වශයෙන් ගෙවා තිබුණි.

වත්මන් පාලනය යටතේ එම ගොඩනැගිල්ලෙන් කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය ඉවත් කලත් මසකට ගෙවිය යුතු කුලී මුදල දිගටම ගෙවා දමන බව විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු හෙළිකරති.

මෙරට පිහිටි රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතළු රාජ්‍ය ආයතන හාරසියයට අමතරව ප්‍රාදේශීය කාර්යාලද මෙලෙස පෞද්ගලික ගොඩනැගිලි වල පවත්වාගෙන යමින් කුලිය වසහයෙන් කෝටි ගණනින් මුදල් ගෙවන බවද ඔවුහු පවසති.

මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සකසා ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට විගණන නිලධාරීහු පිරිසක් කටයුතු ආරම්භ කර ඇත.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

කාර් එකෙන් බයික් දෙක යට කර අයෙක්ව කපාකොටා මරයි

නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව...

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති...

පාඨක අදහස්

SLStory