31 C
Colombo
Saturday, March 6, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව ක්‍රීඩා සමහරු මඟහරිද්දී මහානාම හා ලූෂනුත් නිරෝධායනයට

ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහනාම සහ කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් කොරෝනා වෛරසයෙන් මිදීම සඳහා නිරෝධායනය වීමට තීරණය කර ඇත.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම ඊයේ (18 වැනිදා) පාකිස්තානයේ සිට මෙරටට පැමිණ තිබුණ අතර ඔහු ස්වයං නිරෝධායනයෙහි නිරත වන බව වාර්තා වේ.

- Ads by AOL-
Sri Lankan Matrimony

මහානාම ලාහෝර් හි පැවති පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියේ තීරකවරයකු ලෙස කටයුතු කරමින් සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර අදාළ පාකිස්තාන ප්‍රිමියර් ලීග් තරගාවලියද කොරෝනා වෛරසය හේතුවෙන් හදිසියේ අවලංගු කර ඇත. රොෂාන් ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට තම නිල මුහුණු පොතේහි තමාගේ ස්වයං නිරෝධායනය සඳහා සහභාගි වීම සම්බන්ධයෙන් සඳහන් කර තිබිණි. අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ අනුමත තරග තීරක වරයෙක් වන රොෂාන් මහානාම 1996 ලෝක කුසලාන ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකුද වේ.

මේ අතර ඇමරිකාවේ පැවති ‘ආනොල්ඩ්’ ලෝක කායවර්ධන තරගාවලියේ සිව්වන ස්ථානය දිනූ ලූෂන් පුෂ්පරාජ්ද පෙරේදා (17 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔහුද, නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වූ බව සඳහන් වේ. තායිලන්තයේදී පසුගියදා පැවති 10 වන ලෝක ශූරතා කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගන්නටද ලූෂන් සමත් වූ අතර අවස්ථාවන් කිහිපයකදීම ලෝක කායවර්ධන වේදිකාවේ ශ්‍රී ලංකා නාමය බබළවන්නටද ඔහු සමත් වූයේය. ලූෂන් මේ වනවිට චීනයේ කායවර්ධන උපදේශකවරයකු ලෙස කටයුතු කරනු ඇත.

මෙම නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් විමසීමට ලූෂන් පුෂ්පරාජ්ව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

බටහිර ජැටිය සංවර්ධනය ගැන ශ්‍රී ලංකා රජය කළ ප්‍රකාශය නිවැරදි නැහැ

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගම ඉදිරිපත් කළ යෝජනාවට කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ එකඟතාව ලැබී ඇති බවට...

යුද්ධ හමුදාපතිවරයාත් කොවිඩ් එන්නත ලබා ගනී

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා කොවිඩ් මර්දන එන්නත ලබා ගෙන තිබේ. අද (6) පෙරවරුවේ යුද්ධ හමුදා රෝහලේ දී...

රාවණා ඇල්ල රක්ෂිතයේ ගින්න පාලනයට ගුවන් හමුදාවත් එක්වේ

බදුල්ල, රාවණා ඇල්ල රක්ෂිත ප්‍රදේශයේ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා සහාය ලබාගෙන ඇත. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා...

වසරක් තුළ රටට අහිමි වූ විදේශ සංචිත ප්‍රමාණය කෝටි 19591

මේ වසරේ පෙබරවාරි මාසය අවසාන වනවිට මෙරට විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6 දක්වා පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන්...

පාඨක අදහස්

SLStory