සරණාගත කණ්ඩායමකටත් නිල ඇඳුමක්. හරි හමන් ඇඳුමක් නැතුව ඔලිම්පික් ගිය අපි

236
සරණාගත කණ්ඩායමකටත්
Ads by AOL

සරණාගත කණ්ඩායමකටත් නිල ඇඳුමක්. හරි හමන් ඇඳුමක් නැතුව ඔලිම්පික් ගිය අපි

ඔලිම්පික් උළෙලකදි බොහෝ ක්‍රීඩකයින්ගේ සිහිනය රට නියෝජනය කිරීමයි.

Ads by AOL
Sri Lankan Matrimony

රටට ආඩම්බරයක් වගේම රටට වටිනාකමක් ගෙන දීමයි.

ඔලිම්පික් ක්‍රීඩා පවත්වන්නේ අවුරුදු 4කට වරකි.

රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වෙයි.

මේ පසුගියදා ජපානයේ ටෝකියෝ නගරයේ පැවති ඔලිම්පික් උළෙලට ලංකාවෙන් 09 දෙනෙකු ඉදිරිපත්වී තිබුණා.

එයින් පස්දෙනෙක්ම කාන්තාවන් වුණා.

එහිදී කෑපී පෙනෙන සිද්ධියක් වුණේ හැට්ට කටුවකින් තමන්ගේ නමේ ලේබලය අමුණා තිබීමයි.

ඒ, මිටර් 800 දිව්ව නිමාලි ලියනාරච්චිගේයි. මෙහි හැට්ට කටුව නෙවෙයි ප්‍රශ්නය වුණේ.

ක්‍රීඩා කරන්න ඇඳන් හිටපු ඇඳුම ගැන බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.

ඇය මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයට විශාල පදක්කම් ප්‍රමාණයක් දිනා දුන් ක්‍රීඩිකාවක් බව අපි දන්නවා.

අනෙකුත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම රටෙන් නිකුත් කළ නිල ඇඳුමක් ඇඳගෙන යනකොට අපේ ක්‍රීඩකයින්ට තිබුණේ තමන් විසින් මිලදී ගත් විවිධ වර්ණවල ඇඳුම්.

අපේ රටේ පුහුණුවීම කරන්න අවශ්‍ය පහසුකම් බොහොමයක් නැහැ.

ඔලිම්පික් සඳහා ලංකාවේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂ 129ක් වියදම් ඇස්තමේන්තු කරලා තිබුණා.

ඒත් අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හරිහමං ඇඳුමක් ලැබිලා තිබුණේ නැහැ.

නිමාලි ලියනාරච්චි කියන්නේ හම්බන්තොට සූරියවැව ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ක්‍රීඩිකාවක්.

ඇය අවසාන මොහොත දක්වාම බලාපොරොත්තු අත්හලේ නැති ක්‍රීඩිකාවක් වූවා.

ඉතාම දිළිඳු පවුලක ඉපදිලා ඇගේ උත්සාහයෙන්ම ඉදිරියට ආ ක්‍රීඩිකාවක්. ඔවුන් ජීවත් වුණේ ගොවිතැන් කරලා.

ඇය උදේ-හවා කකුල් ගෙවෙනකන් පාසල් ගියේ සැතපුම් 4ක් පයින්. ඈ කුඩා අවධියේම පියා දිවියෙන් සමුගත්තා.

මවගේ එකම බලාපොරොත්තුව වුණේ ඇය ක්‍රීඩාවෙන් ඉදිරියට යනු දැකීම.

මේ තැනට ආවේ ඇගේ පාසලේ ක්‍රීඩා ගුරුවරයෙකුවත් පාසලේ නොසිටීමෙන්.

ඇය පාසල් ජීවිතයෙන් පසුව ක්‍රීඩාවට එක්වුණේ ප්‍රවීණ පුහුණුකරු සුජිත් අබේසේකර මහතාගේ මග පෙන්වීමෙන්.

පසුව ඇය යුද හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ඉදිරියට ආවා. මෙවර ඔලිම්පික් තරගවලට තේරුණේ ඇගේ දක්ෂතා නිසාමයි.

ඇයට 2019 ඇතිවූ හදිසි අනතුරක් හේතුවෙන් පුහුණුවීම් මගහැරුණා.

ඒ අනතුර හේතුවෙන්නට ඇති මෙවර ඔලිම්පික් පදක්කමක් අහිමි වන්නට.

රටක බලධාරීන්ගේද වගකීම රට වෙනුවෙන් ක්‍රීඩකයින්ට නිල ඇඳුමක් ලබාදීම.

එහෙත් ඒ වගකීම අපේ රටේ ක්‍රීඩකයින්ට ඉටුවෙලා තිබුණේ නැහැ. අපේ ක්‍රීඩකයින්ගේ ඇඳුමේ රටක් සඳහන්ව තිබුණේ නැහැ.

අපේ රට ලංකාව වුණත් සමහරුන්ගේ ඇඳුම්වල තිබුණේ වෙනත් රටවල නම්.

වගකිව යුත්තන් කළයුත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික මට්ටම, පෞරුෂය වර්ධනය කර තරගවලට යොමු කිරීම නේද?

අපේ රටේ ජාත්‍යන්තර තරගවලට විවිධ රටවලට නිල ඇඳුම් මහනවා.

ඒ අතර නයිවල කර්මාන්ත ශාලාවක රුවල්ඔරු තරගවලට ඇඳුම් මහනවා ඔලිම්පික්වලට.

බේස් බෝල් හැදුවේ ලංකාවේ දූනගහ ප්‍රදේශයේයි.

මීටර් 100 සහ මීටර් 200 වගේම සහාය මීටර් 400 තරගවල ලෝක සහ ඔලිම්පික් වාර්තාවලට හිමිකම් කියන ජැමෙයිකාවේ හුසේන් බෝල්ට් කෙටිදුර ධාවන ශූරයාට පවා ඇඳුම් මැහුවේ ලංකාවේ.

අපේ රටේ කොතරම් නම් ඇඟලු‍ම් කර්මාන්තශාලා තිබෙනවාද.

ඒ එකදු තැනකට හෝ කිව්වානම් නිල ඇඳුමක් සපයාදෙන්න තිබුණා. ඒත් ඒ වගකීම ඉටුවෙලා නැහැ.

කොළඹ නගරබද දරුවෙක් සාමාන්‍ය ක්‍රීඩා උළෙලකට වුණත් අඳින්නේ ඉස්තරම් ඇඳුම්, සපත්තුයි. ඒ කොළඹ දරුවන්ට මුදල් තියෙන නිසයි.

කොළඹ දරුවෙක් ඔලිම්පික් තේරුණානම් කොච්චරනම් මුදල් වියදම් කරනවාද?

ඒත් නිමාලි කියන්නේ කටුක, දුෂ්කර ගමකින් මේතරම් දුරක් ආව දුප්පත් ක්‍රීඩිකාවක්.

ඒකයි සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ.

ඔලිම්පික්වලදී රටක හිමිකාරිත්වයක් නැති සරණාගත කණ්ඩායමක් තරගවදින්නේ රටක නමකින් නෙවෙයි.

Refugee Olympic Team කියලා නිර්මාණය කළ ඇඳුමකිනුයි. ඒ අයටත් ඇඳුමක් තියෙනවා.

රුසියාවට ඔලිම්පික් තහනම් වුවත් ඒ අය වුණත් කමිටු කණ්ඩායමක් වශයෙන් තරගවැදුණා. ඒ අයටත් නිල ඇඳුමක් තිබුණා.

දිළිඳු රටක් වන ඉතියෝපියාවටත් නිල ඇඳුමක් තිබුණා.

අපේ රටේ මාධ්‍යවේදීන් හයදෙනකුට විතරයි අවස්ථාව හිමිවුණේ ඔලිම්පික් ක්‍රීඩා ආවරණය කරන්නට. ඔවුන් වෙනුවෙන්ද ඇඳුමක් ලබාදී තිබුණා.

මිල්කා සිල්වාගේ ඇඳුමේ සිංහ ධජය තිබුණේ ඇය කණ්ඩායම් නායිකාව නිසා ඇය විසින් නිර්මාණය කරගෙන තිබුණු නිසයි.

බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූ‍ක කරුණාරත්නගේ ඇඳුමේ හැටියට ඔහු නියෝජනය කළේ ජපානයේ Yonex නැමති ක්‍රීඩා ඇඳුම් නිර්මාණය කරන ස්ථානයක වාණිජමය නාමයක් සහිත ඇඳුමක්.

අවාසනාවකට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඩු සම්පත් ප්‍රමාණයක් තියෙන්නේ.

ප්‍රබල පිහිනුම් ක්‍රීඩිකාවක් වන ඇනිකා ගෆුර් ඇන්දෙත් ලංකාවේ ඇය විසින් සපයාගත් ඇඳුමකින්.

කනගාටුවට කරුණක් නම් ප්‍රබල සන්නාමයක් වන speed නාමය වෙනුවෙන් මේ මොහොතේදීත් ලංකාවේ ඇඳුම් මැහෙනවා.

ඒ ඇඳුම් ඇඳගෙන අදත් වෙන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික් තරග බිමේ සිටිනවා.

අපේ රටේ ක්‍රීඩකයින් වෙනුවෙන් ඇඳුම් නිර්මාණය වෙලා නැහැ.

අපේ රටේ ඇඳුම් සාප්පුවල සේවකයින්ට, හෝටල්වල සේවකයින්ට, පිරිසුදු කරන අයටත් ඇඳුම් තියෙනවා.

ඒත් මේ අවුරුදු 4කට වරක් තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනාට දෙන්න ගැළපෙන නිල ඇඳුමක් තිබුණේ නැහැ.

අවසානයට කියන්න තියෙන්නේ අපේ රට වෙනුවෙන් බලාගෙන ඔලිම්පික් නරඹන අපේ ප්‍රේක්ෂකයින්ට ශ්‍රී ලංකාව කියලා රටක් නියෝජනය කරලා නැහැ.

මේ ඇඳුමක් ලබා නොදීමේ සිද්ධිය අපේ රටේ කීර්තිනාමයට කැළලක් වගේම කනගාටුවට කරුණකි.

මේ සිද්ධිය අපේ රටේ බලධාරීන්ගේ අවධානයට යොමුවෙලා 2024 වර්ෂයේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලටවත්

ශ්‍රී ලංකා මවගේ කීර්තිනාමය රැගෙන යන්න සිංහ ධජය සහිත ඇඳුමක් නිර්මාණය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

සරණාගත කණ්ඩායමකටත් නිල ඇඳුමක්. හරි හමන් ඇඳුමක් නැතුව ඔලිම්පික් ගිය අපි

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply