මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද දුන් අහිංසක වෙළඳුන්ව එළවීමට පටන්ගෙන ඇති බවට විරෝධය පළ කරමින්
මහරගම වෙළඳුන් සහ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරුන් ඊයේ (ජූලි 15) විරෝධතාවක නිරත වූහ.
සබැඳි පුවත් :
සරත් වීරසේකර: මම මේකෙන් අස්වෙලා යනවා
මහරගම පැරණි බස් නැවතුම්පොලේ වෙළඳසැල් පොලිසිය යොදවා ඉවත්කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් මෙම චෝදනාව සරත් වීරසේකර මහතා වෙත එල්ලවී තිබේ.
තමන් පොලීසියේ රාජකාරියට බාධා නොකරන බවද, තමන් පෙනී සිටින්නේ;
අහිංසක වෙළෙඳුන් වෙනුවෙන් බව ද පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා සඳහන් කළේය.
පොලිස් ඇමැති සරත් වීරසේකර මිනිස්සුන්ගේ පැත්ත ගන්නවා ද;
තවදුරටත් පොලිස් බැරියර් යොදා වෙළෙඳුන්ගේ ව්‍යාපාර වසාගෙන ඉන්නවා ද කියා තමන් බලා සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.
“අපේ ජනාධිපතිතුමා, බැසිල් රාජපක්ෂ මැතිතුමා හිස් භූමි සියල්ලම ව්‍යාපාරික කටයුතුවලට යොදවන්න කියලා
සංවර්ධන කමිටුවලට උපදෙස් දීලා තියෙද්දි තමයි සරත් වීරසේකර ඇමැතිතුමා පොලීසිය දාගෙන
අහිංසක මිනිස්සු ජීවත්වෙන ඉඩම් වහගෙන ඉන්නෙ”
Leave a Reply