ලාංකීය ටෙලිනාට්‍ය කලාව වෙනස් වූ මාවතකට ගෙන යන්නට පසුගිය මාස කිහිපය තුල කරලියට පැමිණි “කුඹියෝ” ටෙලි නාට්‍යට හැකියාව ලැබුණි.සමාජයේ බොහෝ දෙනෙක් මේ පිළිබඳව නිරන්තරයෙන් කතා බහ කරන්නට පටන් ගත්තේ එය වෙනස්ම වූ ආකාරයක ටෙලි නාට්‍යක් වීම නිසාය.මෙගා රැල්ලට කොටු වී සිටි ප්‍රේක්ෂකයා ඉන් ඉවත් කර ගැනීමේ බැරෑරුම් කාර්යය කුඹියෝ ඉතා පහසුවෙන් කල අකාරය කාගේත් පුදුමයට ලක් වූ කරුණක් වේ.
ස්වාධින රුපවාහිනිය හරහා කුඹියෝ විකාශනය වන අතරතුර තවත් පෙරළිකාර ටෙලිනාට්‍යක පුර්ව ප්රචාරක පට ප්‍රේක්ෂකයාට දකින්නට ලැබුණි.ඒ නාමල් ජයසිංහ අධ්‍යක්ෂණය කල “සහෝදරයා” ටෙලි නාට්‍යයයි.පසුගිය 18 වනදා විකාශනය ආරම්භ කල මෙම ටෙලි නාට්‍ය මේ වන විට සමාජයේ දැඩි කතා බහට ලක්වී ඇත්තේ එහි අන්තර් ගත වූ දේශපාලන මුහුණුවර නිසාමය.මේ හරහා ලාංකීය දේශපාලනයේ විවිද චරිත වලට ප්රබලව පහරවල් එල්ල වන බව මේ වන විට බොහෝ දෙනා ප්‍රකාශ කර තිබේ.
“සහෝදරයා” පළමු දිගහැරුමේදීම එහි අන්තර්ගත වූ දර්ශනයක් නිසා මේ වන විට සමාජ කතා බහ ඉතා ඉහල ගොස් ඇත.ඒ මේ දර්ශනය හරහා ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලන චරිතයක් ඉස්මතු කර ඇති බවට අදහස් පල වීම නිසාය.කෙසේ වෙතත් සමලිංගික ඇසුර පතන දේශපාලන චරිතයක් මේ හරහා මතුකර දක්වා ඇති බව බැලූ බැල්මට පෙනී යයි.කෙසේ වෙතත් මෙහි සත්‍ය ටෙලිනාට්‍යයේ ඉදිරි කාලය තුල ප්‍රේක්ෂකයාට දැකගත හැකි වනු ඇත.
අදාළ වීඩියෝව
Leave a Reply