වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ස්පාඤ්ඤ සොල්දාදුවන් වෙහෙසෙමින් සිටී. ඇඳන් මතම මියගිය අය පිළිබඳ පුවත් එම නිවාසවලින්ද වාර්තා විය. ආරක්ෂිත නිවාස කා ඔවුන් යොමු කිරීම වැනි පියවරද ගෙන ඇත. යුරෝපයෙන් ඉතාලියට පසු දරුණු බලපෑම ඇත්තේ ස්පාඤ්ඤයටය. තාවකාලික මෘත ශරීරාගාර පවා එහි ස්ථාපිතකර තිබේ.
ස්පාඤ්ඤයෙන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉකුත් ඉරිදාය. ඒ 462කි. ඒ සමග මුළු මරණ සංඛ්‍යාව 2182කි.
ස්පාඤ්ඤ ආරක්ෂක ඇමැති මාගර්ට් රොබලිස් පුද්ගලික රූපවාහිනී නාළාකිවකට පවසා සිටියේ වැඩිහිටි නිවාසවල වයෝවෘද්ධ පුරවැසියන්ට සලකන අන්දම පිළිබඳ ඉතා තදින් සොයා බලන බවය.
“හමුදාව මේ නිවාසවල කළ සෝදිසි සංචාරවලදී ඇතැම් වයෝවෘද්ධ පුරවැසියන් ඇඳන් මතම මියගොස් ඇති බව දුටුවා. මේවා ගැන අපි පරීක්ෂා කරනවා” යනුවෙන් ඇය පවසා තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය පවසන පරිදි ඇතැම් වැඩිහිටි නිවාසවල කාර්ය මණ්ඩල වංසගත තත්ත්වයත් සමග ඒවා හැර ගොස් ඇත.
මෙලෙස මියයන අයගේ දේහ මෘත ශරීරාගාර වෙත යොමු කෙරෙන තෙක් ඒවා ශීතාගාර තැබෙන නමුත් මේ වන විට කොරෝනා වෛරසයෙන් මිය යන අයගේ සිරුරු මෘත ශරීරාගාරයෙන් එන තුරු එම ස්ථානවලම තබා තිබේ.
වැඩිම අසාාදිතයන් ගණන මෙන්ම මරණ සංඛ්‍යාව ද වාර්තා වූයේ මැඩ්රිඩ් අගනුවරිනි.
ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමැති සැල්වදෝර් ඉලා පවසන පරිදි, රජය වැඩිහිටි නිවාසවල සිටින විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ඉහළම ප්රමුඛත්වයක් දක්වා තිබේ.
Leave a Reply