31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව දේශපාලන සැබෑ ඡායාරූපයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගනී

ගෝඨාභය රාජපක්ෂ මහතා භික්ෂූන් සමඟ සිටින පින්තූරය සැබෑ ඡායාරූපයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පිළිගනී.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිත පින්තූරයක් සමාජ ජාලාවල පළ වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා චම්පික රණවක හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැඳවා තිබුණි.

- Ads by AOL-
Sri Lankan Matrimony

ඒ අනුව ඒ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ඇති අතර එහිදී පරිඝනක අංශයෙන් ඔහුගෙන් තොරතුරු ලබා ගැනීමක් සිදුකර ඇත.

ඉන් පසුව සමාජ මාධ්‍ය අපරාධ නිරීක්ෂණ අංශයට ධනුෂ්ක මහතාව යොමු කර තිබූ අතර එහිදී එම නිලධාරීන් කල ප්‍රශ්න කිරීම් වලට වලට පිළිතුරු ලබා දී තිබුණි.

විවිධ ස්ථාන වලදී එම ඡායාරූපය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බවට සටහන් වී තිබුනත් එය සංස්කරණය නොකරන සැබෑ ඡායාරූපයක් බව එහිදී තහවුරු කරගත් බවත් ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ස්ථානයේ ඡායාරූප ගැනීමෙන් වැළකීමට උපදෙස් ලබා දී තිබියදී එවැනි ඡායාරූපයක් පිටතට පැමිණීම ජනාධිපතිතුමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මත පදනම් ව මෙම ප්‍රශ්න කිරීම් කරන බව වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසීය.

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

රටපුරා වනාන්තර විනාශ කරද්දී කොළඹ ඔක්සිජන් පහළ යයි

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත. නගරයේ වායු දූෂණය ඉහළ...

සචිත්‍ර සේනානායක විශේෂ පොලිස් ඒකකය වෙත කැඳවයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (04) දෙවන දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ...

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

පාඨක අදහස්

SLStory