31 C
Colombo
Thursday, March 4, 2021
Sri Lankan Matrimony
මුල් පිටුව උණුසුම් පුවත් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය වේ.

ජපානයේ ජයිකා ආධාර මත මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පැවති යහපාලන රජය එකඟත්වය පලකර තිබුණි.

- Ads by AOL-
Sri Lankan Matrimony

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස යෝජනා කර ඇති කොළඹ කොටුව සිට මාලබේ දක්වා සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරිම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850 ක ණය මුදලක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළකර තිබිණ.

මෙම එකඟතාව පසුගිය ආණ්ඩුව විසින් ඇතිකරගෙන තිබූ අතර ඒ අනුව ශක්‍යතා අධ්‍යන වාර්තාව,

ඉඩම් අත්පත්කරගැනීම්, උපදේශන කටයුතු සහ කාර්යාල පවත්වාගෙන යාම සඳහා;

රුපියල් කෝටි 300ක පමණ මුදලක් වැයකර ඇති බව හෙළිවේ.

එසේ තිබියදී වර්තමාන ආණ්ඩුව විසින් ඒකපාර්ශවිකව පසුගිය වසර අවසාන භාගරයේදී මෙම ව්‍යාපෘතිය අත්හැර දමනු ලැබීය.

ජාත්‍යන්තර එකඟතා ගිවිසුම් ඒකපාර්ශවිකව කඩකිරීම මෙයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේද විදේශයන්ට වන්දි ගෙවා තිබේ.

හෙජින් ගිවිසුම කඩ කිරීම සම්බන්ධයෙනි.

විදේශ බැංකු දෙකකට රුපියල් කෝටි 1000කට ආසන්න වන්දියක් ගෙවා ඇති අතර;

තවත් බැංකුවක් විසින් ඒ සම්බන්ධයෙන් පවරා තිබෙව නඩුවක් ලන්ඩන් නුවර වාණිජ අධිකරණයේ විභාග වෙමින් පවතී.

නීතීඥ ගාස්තු සහ ගමන් ගාස්තු වශයෙන්ද මෙම නඩු සඳහා තවත් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් වැය කර තිබේ.

මෙවැනි තත්වයක් යටතේ වර්තමාන රාජපක්ෂ පාලනයද ජපානයේ ජයිකා ආයතනයට රුපියල් කෝටි 500ක පමණ වන්දියක් ගෙනීමට සිදුවනු ඇතැයි අනාවරණය වී ඇත.

සබැඳි :

සැහැල්ලු දුම්රිය ගිවිසුම අහෝසි කෙරේ

Sri Lankan Matrimony

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Ads by AOL -
Sri Lankan Matrimony

ජනප්‍රිය ලිපි

කාන්තා අයිතිවාසිකම් ගැන මන්ත්‍රීවරියන්ගෙන් කථානායකට ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සියලුදෙනාම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට සිදුවූ වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම...

තරුණිය ඝාතනයෙන් තවත් අතුරුදන් කාන්තාවන් 200කගේ තොරතුරැ හෙළිවෙයි

වේල්ල වීදියේ ගමන් මල්ලක දමා තිබියදී හිස නොමැති කාන්තා මළ සිරුරක් හමුවීමත් සමග දෙසීයකට අධික පිරිසක් ඇමතුම් ලබාදෙමින් තොරතුරු විමසා ඇති බව...

කාර් එකෙන් බයික් දෙක යට කර අයෙක්ව කපාකොටා මරයි

නාරම්මල පහමුණේ ප්‍රදේශයේ දී කාර් රථයක් යොදා ගනිමින් යතුරුපැදි දෙකක් යටකර එක් යතුරු පැදිකරුවෙකු කපාකොටා ඝාතනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව...

මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ඉකුත්දා පැවැති...

පාඨක අදහස්

SLStory