31 C
Colombo
Thursday, January 21, 2021
මුල් පිටුව උණුසුම් පුවත් සියලුම රැඳවියන් වෙඩි තබා මරා ඇති බව අධිකරණයේ දී ඔප්පු වෙයි

සියලුම රැඳවියන් වෙඩි තබා මරා දමා ඇති බව අද අධිකරණයේ දී හෙළි විය. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය රැඳවියන් 11 දෙනාම එහිදී සිදුවූ වෙඩි ප්‍රහාරවලින් මියගිය බව අද (08) අනාවරණය වුණි.

ඒ ඊට අදාළ නඩුව අද යළිත් වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

මහර බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ ගැටුමට අදාළ නඩුව අද වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීය.

එහිදී අධිකරණය විසින් පත්කළ විද්වත් කමිටුව අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ එම ගැටුමේදී මියගිය රැඳවියන් 11 දෙනා එදින සිදුවූ වෙඩි තැබීම්වලින් ඇති වූ මාරාන්තික තුවාල නිසා මියගොස් ඇති බවය.

මින්පෙර රැඳවියන් 08 දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ අතර අද සෙසු තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.

එහිදී වාර්තාකළේ සෙසු තිදෙනාත් වෙඩි වැදීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බවය.

අදාළ රැඳවියන් තිදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වී නොතිබීම නිසා ඔවුන්ගේ දේහයන් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව රජයේ වියදමින් භූමදානය කරන ලෙසට වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

එමෙන්ම එම රැඳවියන් තිදෙනාගේ ඥාතීන්ට ආගමික වත්පිළිවෙත් සිදුකිරීමට අවස්ථාව ලබාදෙමින් එකී භූමදාන කටයුතු සිදුකරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මෙහිදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනි සිටි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ ගැටුම අතරතුරදී මහර බන්ධනාගාරයේ දේපලවලට රුපියල් කෝටි හයහමාරකට ආසන්න අලාභයක් සිදුව ඇති බවය.

මෙසේ සියලුම රැඳවියන් වෙඩි තබා මරා දැමීම ගැන විපක්ෂය හා මානව හිමිකම් සංවිධාන වල දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වසංගතය හේතුවෙන් වැසූ ගුවන් තොටුපොළ යළි විවෘත කෙරේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වැසූ කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි. එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස...

මහින්ද හා සජිත් ඇමරිකානු ජනාධිපතිට හා අගමැතිට සුබ පතයි

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇමරිකානු අභිනව ජනාධිපතිවරයට හා අගමැතිවරියට සුබ පැතුම් එක්කර තිබේ. අමෙරිකාවේ 46 වන...

බස්නාහිර පාසල් පෙබරවාරි 15 සිට ආරම්භ කරනවා

බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මස 15 වනදා වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. ලේකම්වරයා පෙන්වාදෙන්නේ...

කන්න පොල් ගෙඩියක් සොරාකම් කළාට ලක්ෂයක් ඇප ඉල්ලයි

කන්න නැතිකමට පොල් ගෙඩියක් සොරාකම් කළාට රු.100000ක ඇප නියම කිරීමේ පුවතක් වාර්තා වේ. ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී කන්න පොල් ගෙඩියක් සොරකම් කළේ...

පාඨක අදහස්