සුපිරි පිතිකරු සනත් ජයසූරිය යළිත් ක්‍රිකට් පිටියට එයි

49
Ads by AOL

හිටපු ප්‍රවේගකාරී සුපිරි පිතිකරු යළිත් ක්‍රිකට් පිටියට බැසීමට සූදානම් වෙනවා. ඒ ඉන්දියාවේදී පැවැත්වෙන Road Safety World Series 2021 තරගාවලියත් සමගයි. 20/20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම් රැසක් එක්වීමට නියමිතය.

මෙම තරගාවලිය පසුගිය වසරේ මාර්තු 07 වැනිදා ආරම්භ වූ නමුත් කොවිඩ් වසංගතය හේතුවෙන් අතරමග නතර කිරීමට සිදුවිය. ඒ වනවිට පවත්වා තිබුණේ තරග 04 ක් පමණි. එතැන් පටන් තරගාවලියේ ඉතිරි තරග මාර්තු 02 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.

Ads by AOL
Sri Lankan Matrimony

සත්කාරක ඉන්දියාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් ඇතුළු කණ්ඩායම් කිහිපයක් සහභාගි වේ. ශ්‍රී ලංකා කණ්ඩායම තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් තරගාවලියට සහභාගි වන අතර සනත් ජයසූරියට අමතරව අතපත්තු, මුරලිදරන්, හේරත්, කළුවිතාරණ, චන්දන, මහරුෆ් ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ශ්‍රී ලංකා ‍කණ්ඩායම නියෝජනය කරයි.

සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, ශිවනරින් චන්ද්‍රපෝල්, විරේන්ද්‍ර ෂෙවාග් ඇතුළු ක්‍රිකට් ලොව පෙරළි සිදුකළ ක්‍රීඩකයන්ගේ දස්කම් නැවත ප්‍රේක්ෂකයන්ට විඳ ගැනීමේ අවස්ථාව මාර්තු 02 වැනිදා සිට උදා වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ දිනවල කොළඹ BRC ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් සිදු කරමින් සිටී.

සනත් ජයසූරිය පවසන්නේ අවුරුදු 50 ඉක්මවා සිටින තමාට පෙරදී මෙන් සුපුරුදු දස්කම් දැක්වීමට නොහැකි බවයි. කෙසේ නමුත් කණ්ඩායමට බලාපොරොත්තු වන උපරිම සහාය ලබාදීමට සූදානම් වන බව සනත් පවසනවා. ජාත්‍යන්තර පිටියේදී එකට ක්‍රීඩා කළ හිටපු ක්‍රීඩකයන් නැවත ක්‍රීඩා පිටියේදීම හමුවීම ඉතා සතුටට කරුණක් බවද ඔහු පවසනවා.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply