සේනාධිපතිගේ මඩ බලකාය ගුරුවරුන්ට මඩ ගැසීම අරඹයි.!

401
Ads by AOL

සේනාධිපතිගේ මඩ බලකාය ගුරුවරුන්ට මඩ ගැසීම අරඹයි.!

නිස්සංක සේනාධිපති නම් කුප්‍රකට ජාවාරම්කරු විසින් මුදල් ගෙවමින් ගුරු හා විදුහල්පති වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ

Ads by AOL
Sri Lankan Matrimony

සටන දියාරු කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ගැසීමේ කටයුතු දැන් ආරම්භ කර තිබේ.

නිලන්ත සත්සර ගමගේ නම් ආණ්ඩුවේ බත් බැලයා විසින් ගුරුවරුන් අරභයා තම ෆේස් බුක් මඩ ගිණුමේ තබා ඇති

මේ තිරිසන් සටහනට සමාජ ජාලා පරිශීලකයන් තම දැඩි පිළිකුල එල්ල කර තිබේ.

සේනාධිපතිගේ මඩ බලකාය

නැවතත් කියමි… මිනිසා වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ රැකියාවෙ නාමයෙන් නොව ක්‍රියාවෙන්ය.

ඔබ අපට හරි වැරැද්ද කියා දුන්නේය. ඔබට පිං සිදු වෙන්නට මිනිස්සු හරි වැරැද්ද අඳුනාගෙන ඇත.

සුළුතරයකගේ පාපතර ක්‍රියාවන් නිසා බහුතරයක් ශ්‍රේෂ්ඨ ගුරුවරුන් අපකීර්තියට පත්වෙමින් ඇත.

දරුවන්ගෙ අධ්‍යාපනයෙ වටිනාකම දන්නේ දෙමව්පියන්ය.

තිබූ තැනක සොර සතුරන් ගත නොහෙනාඋගත මනා ශිල්පයමයි මතු රැකෙනාඅපට කියා දුන්නේ ඔබලාමය.

එසේ අපට ජීවිතය කියා දුන් ඔබ අද දිනයෙ අපේ දරුවන්ගෙ අධ්‍යාපනය සොරා ගනිමින් ඇත.

මිනිස්සු ඔබට ඇති අප්‍රසාදය පෙන්වමින් ඇත. මේවා ඇස් වලින් දකින තුරු මා විශ්වාස කළේද නැත.

අද උදෑසන මිතුරෙක් දුරකතනයට අමතා පැවසූයේ ” ගුරුවරුන්ට තෙල් ගසනු නොලැබේ ”

යනුවෙන් පෙට්‍රල් ෂෙඩ් එහෙක ගසා තිබූ බවයි. මම එය විශ්වාස නොකලෙමි. එය විහිළුවක් යැයි සිතුවෙමි.

ආදරණීය ගුරුවරුනි මේ ඔබ නෙළන්නේ ඔබ වැපුරූ දෙයෙහි අස්වැන්න යි. ජනතාවට දොස් කියා පලක් නැත.

ඔවුන් සිටින්නෙ කැකෑරෙන කෝපයකය, වේදනාවකය. මෙවැනි දැන්වීම් දැකීමට තරම් අපගේ දෑස් පව් කර ඇත.

රාක්ෂයන් රාක්ෂ ගති පෙන්වූවාට අපට අමුතු වෙනසක්, දුකක් නැත.

එහෙත් අප දෙවිවරු ලෙස වන්දනාමාන කළ අය රාක්ෂයන් වීම අපට දරා ගත නොහැක.

ගුරු වෘත්තිය යනු තවත් එක් වෘත්තියක් පමණක්ම බව ඔබ ඔප්පු කර පෙන්නුවේ ය.

නිලන්ත සත්සර ගමගේ✍️

සේනාධිපතිගේ මඩ බලකාය

නිරන්තරයෙන්ම රාජපක්ෂලාගේ කුණු හෝදමින් විරුද්ධවාදීන්ට මඩ ගසන නොම්බර එකේ තක්කඩියෙක් වන

නිලන්ත සත්සර ගමගේ නමැත්තා විසින් නිර්මාණය කරන ලද මඩ ඡායාරූප මෙන්ම, ආණ්ඩුවට රෙදි නැතිව කඩේ යන

ෆේස් බුක් පේජයන් වන පැණියා, චමින්දයා වැනි අමන පේජයන් මගින් ගුරුවරුන්ට අපහාස වන ආකාරයෙන් නිර්මාණය

කරන ලද පෝස්ට් ගණනාවක් දැන් සමාජ මාධ්‍ය පුරා ව්‍යාප්ත වීමට පටන් ගෙන තිබේ.

සේනාධිපතිගේ මඩ බලකාය
සේනාධිපතිගේ මඩ බලකාය
සේනාධිපතිගේ මඩ බලකාය

ජනාධිපති නන්දසේනගේ සෘජු අණින් නිස්සංක සේනාධිපතිගේ මුදල් මතින් දිවෙන මෙම පේජයන් සහ බත් බැලයන් මගින්

ගුරුවරුන් අරබයා එල්ල කෙරෙන මඩ ප්‍රහාර වේගවත් කරන ලෙස රාජපක්ෂ වරිග සභාව දැනුම් දී ඇත්තේ,

ගුරු විදුහල්පතිවරුන් තම වෘත්තීය අයිතිවාසිකම් සටන නතර නොකරන තත්ත්වයක් තුළය.

සේනාධිපතිගේ මඩ බලකාය

නිස්සංක සේනාධිපති නම් තක්කඩියා මේ පිළිබඳව දැන් වඩාත් උනන්දුවක් ගෙන ඇත්තේ, ගුරු සටන මැද්දට ගොස්

එය කඩාකප්පල් කරන්නට දැරූ උත්සාහය නිසා ගුරුවරුන්ගේ හූ හඬ මැද පලායන්නට සිදුවූ ලැජ්ජාවේ වාඩුව ගැනීමටත් එක්කය.

සේනාධිපතිගේ මඩ බලකාය

රාජපක්ෂලා හැමදාම හිතුවේ අයිතිවාසිකම් කඩන්නටය. විරුද්ධවාදීන් මර්දනය කරන්නටය. ඒකටම කියා වහල් බයි හමුදාවක්

ඔවුන් තනා ගත්තෝය. නමුත් අද ඔවුන්ට ඡන්දය ලබා දුන් බහුතරයක් මිනිස්සු රාජපක්ෂ කාළකණ්නිභාවයෙන් වෙළුණු

මේ කාල සීමාව තුළ දිනපතා රාජපක්ෂ වරිගයටම සාප කරමින් දෙස් දෙවොල් තබති.

මුදලට වැඩ කරන සට්ටැඹියන් කුමන ආකාරයේ මඩ ප්‍රචාර ගෙන ගිය ද, බහුතරයක් වූ මහ ජනතාව මේ තුච්ඡ නින්දිත කාළකණ්නි

රාජපක්ෂ පවුල් පාලනය ශ්‍රී ලංකා මහ පොළොවෙන් අතු ගා දැමීමේ කටයුත්ත දැන් අරඹා අවසන් ය.

එය කෙළවර වන්නේ ජයග්‍රහණයෙන් බව රාජපක්ෂලා නොදන්නවා නොවේ.. මේ රාජපක්ෂලාගේ අවසාන උත්සාහය වන්නේ ඒ නිසාය.

සේනාධිපතිගේ මඩ බලකාය
සේනාධිපතිගේ මඩ බලකාය
සේනාධිපතිගේ මඩ බලකාය

හඬ පට විකෘති කළ සේනාධිපති තක්කඩියාගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක්

සේනාධිපතිගේ මඩ බලකාය ගුරුවරුන්ට මඩ ගැසීම අරඹයි.!

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply