හම්බන්තොට ඉඩම් කොල්ලය නවත්වන්න නාමල්ටත් බැරි බව ඔහු සඳහන් කරයි. හම්බන්තොට ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඉඩම් කොල්ලයක් සිදුවෙමින් පවතින බවත් තමන් ද ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළත් එහි අවසානයක් නොමැති බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
“විශේෂයෙන්ම සූරියවැව, හම්බන්තොට, මත්තල, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ මහාපරිමාණයේ ඉඩම් මංකොල්ලකෑම් සිද්ධ වෙනවා. සමහරු දේශපාලනඥයන්ගෙ නම් සඳහන් කරනවා. අපේ නම් සඳහන් කරනවා. අපි ඒ පිළිබඳව පොලිසියෙ පැමිණිලිත් දාලා පොලිසියත් එක්ක ඒ පිළිබඳව සාකච්ඡා කරත් ඒකෙ අවසානයක් නෑ.
දැනෙන කාරණය තමයි අපට ඇහෙන කාරණය තමයි සමහර නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් මේවාට ආශිර්වාදය ලැබෙනවා කියන එක. මොකද ඒකට අපටත් සැකසහගත හේතුවක් තියෙන්නෙ ගමේ අහිංසක මිනිහෙක් දර කෑල්ලක් කපාගන්න ඇතුළට ගියත් පනතෙන් ඇප නැතිවෙන්න ඇතුළට දානවා. හැබැයි ඩෝසරයක් දාලා අක්කර තුන් හාරසීයක් සුද්ද කරනකොට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ. එතකොට ගමේ ජනතාවටත් අපටත් යම්කිසි සාධාරණ සැකයක් එනවා ඇයි එහෙම සිද්ධ වෙන්නෙ කියන එක ගරු ඇමතිතුමනි. ඉතිං ඒ හින්දා ඒ පිළිබඳවත් ඔබතුමන්ලාගේ අවධානය යොමු කරවන්න ඕනේ” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් කොළඹදී පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.
Leave a Reply