කලූතර හා කොළඹ දිස්ත්රික් දෙකෙහි පාරිභෝගිකයන්ට පිටිකිරි , යෝගට් ඇතුළු නිෂ්පාදන අන්තර් ජාලය ඔස්සේ ඇනවුම් කළ විට නිවසටම ගෙනැවිත් දීම මේ වනවිට ක්රියාත්මක යැයි මිල්කෝ සමාගම කියයි.
www.milcosrilanka.com වෙබ් අඩවියට පිවිස තම ඇණවුම් ඉදිරිපත් කල විට එකී ඇණවුම් නිවසට ගෙනැවිත් දී මුදල් අයකරනු ඇතැයි මිල්කෝ සමාගම කියයි.
හයිලන්ඞ් කිරිපිටි, යෝගට්, දියර කිරි, හා බටර් මෙසේ ඇණවුම් කළ හැකි බව මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්රමසිංහ මහතා පැවැසීය.
පවතින තත්ත්වය යටතේ නාරාහේන්පිට පිහිටි මිල්කෝ කම්හල සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බැවින් යෝගට් නිෂ්පාදනය තරමක් අඩු වී ඇතැයි කී වික්රමසිංහ මහතා අඹේවෙල දිගන හා පොලොන්නරුවේ කම්හල් මේ වනවිට ක්රියාත්මකව පවතින බව ද කිීය.
දිනකට කිරි ලීටර් 145,000 ක් එකතු කරමින් සිටි තම සමාගම මේ වනවිට 175,000 ක් දක්වා වැඩි වී ඇතැයි ද එයට හේතු වී ඇත්තේ වෙනත් සමාගම් කිරි ගැනීම අත්හිටුවා ඇති නිසා එම නිෂ්පාදන ද මිල්කෝ සමාගම විසින් ලබා ගැනීම යැයි ද වික්රමසිංහ මහතා කියා සිටියේය.
හොඳ වැඩක්.
මම දිගන පදිංචි යි.අපටත් හයිලන්ඩ් නිෂ්පාදන ඕන.ලබා ගන්නේ කෙසේද?
කිරි පිටිපැකැට් 10 ක් විතර එවන්න බැරිද
හොද ආරම්භයක්. සේවකයන් සංක්යාව වැඩිකර ලංකාව පුරාම මෙම සේවය වියාප්තකර යුතුයි
ඕඩර් කරල සතියක් විතර ඇති. තාම නෑ…..
අනිත් පලාත් වලටත් ක්රියාත්මක කරන්න. සාර්තක වේවි. මෙහේ fresh milk ගන්න නෑ.
thank you very much for your valuable service.we received our order to the doorstep 💐
අපි දිගටම නාරාහේන්පිට ශාඛාවෙන් ගත්තේ
දැන් මාස දෙකක් පිටි ගන්න නෑ… අපිටත් ගන්න ක්රමයක් කියන්න.මම කැලණියේ….මෙහෙ කොහෙවත් හයිලන්ඩ් පිටි ගන්න නෑ
Order.එක දාලානම් ගොඩක් දවස් තාම ආවේ නෑ. කවදාද බෙදාහරින්නෙ. Phone answer කරන්නෙ නෑ. Mail වලට replay නෑ.
අනිත් දිස්ත්රික්ක වලටත් ගෙනත් දෙන්න.
අපි දින 4ක සිට හයිලන්ඩ් නිශ්පාදන ජාඇළට ගැනීමට උත්සාහ කලද එම උත්සාහයන් අසර්ථක විය.පුලුවන් නම් මේ සදහා පියවරක් ගන්න.ස්තුතියි .
දවස් ගානක් තිස්සේ website එකට යන්න try කරනවා, තාමත් බැරිවුණා, access දෙන්නේ නෑ site zඑක
අති ව්ශිස්ටයි
අපේ රටේ රස කිරි Highland❤