31 C
Colombo
Monday, January 18, 2021
මුල් පිටුව විදෙස් පුවත් හිටපු ප්‍රංශ අගමැතිට වසර 5ක සිරදඬුවම්

හිටපු ප්‍රංශ අගමැතිට වසර 5ක සිරදඬුවම්

ප්‍රංශයේ හිටපු අගමැති ප්‍රංශුවා ෆිලෝන්, ඔහුගේ බිරිඳ පෙන්ලෝප් සහ ඔහුගේ හිටපු සහායක මාක් ජූලාඩ්, මහජන මුදල් අයථා ලෙස පරිහරණය කිරීම, ඊට අනුබල දීම සහ සඟවා තැබීම යන චෝදනාවලට වැරදිකරුවන් වී තිබේ.

පැරිස් අධිකරණ තීන්දුවෙන් නිගමනය වූයේ ෆිලොන් සිය බිරිඳට සහ දරුවන්ට මෙන්ම ජූලාඩ්ටද සුළු කාර්යයක් හෝ කිසිවක් නොකරම මහජන වැටුපෙන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවා ඇති බවයි.

ෆිලන්ට වසර පහක සිර දඬුවමක් නියම කළ අතර, ඇ.ඩො.423,000ක දඩයක් සහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා දස අවුරුදු තහනමක්ද නියම කර තිබේ.

ඔහුගේ බිරිඳ පෙන්ලෝප්ට වසර තුනක අත්හිටවූ සිර දඬුවමක් සහ වැඩ තහනමක් සමග ඇ.ඩො.423,000ක දඩයක් නියම විය.

ෆිලෝනුවන්ට සහ ඔවුන්ගේ සම විත්තිකරුවන්ට ඇ.ඩො.මිලියන 1.13ක මුදලක් ප්‍රංශ ජාතික සභාව වෙත ආපසු ගෙවන ලෙසද නියෝග කරන ලදී.

“මෙම තීරණය සාධාරණ නොවන අතර අපි අභියාචනයක් ඉදිරිපත් කරනවා” නඩු තීන්දුවෙන් පසුව ෆිලෝන්ගේ නීතීඥයන්

2007 සිට 2012 දක්වා කාලය තුළ ජනාධිපති නිකොලස් සාකෝසි යටතේ ෆිලොන් ප්‍රංශයේ අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

ඔහුගේ ගැටලු ආරම්භ වූයේ 2017 දී ප්‍රංශ උපහාසාත්මක පුවත්පතක් වන ලී කැනාර්ඩ් එන්චේන් විසින් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ වැඩිමහලු දරුවන් දෙදෙනෙකුට ව්‍යාජ රැකියා ලෙස ඔවුන් පාර්ලිමේන්තු සහායකයන් බවට පත්කර යුරෝ මිලියනයකට ආසන්න මුදලක් උපයා ගත් බවට වාර්තා පළ කිරීමත් සමගය.

එවකට ඔහු එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර, තම බිරිඳ වසර 15ක් සිය උප ප්‍රධානියා ලෙස සේවය කළ බවත්, ඔහුගේ කාලසටහන කළමනාකරණය කිරීම සහ සංස්කෘතික උත්සව සඳහා ඔහු නියෝජනය කිරීම ඇතුළු භූමිකාවන් කිහිපයක් හසුරුවා ඇති බවත් පැවසීය. තම දියණිය සහ පුතා පිළිවෙලින් මාස 15 සහ මාස හයක කාලයක් එකම තනතුරුවල සේවය කළ බවත්, එය නීති විරෝධී නොවන බවත්, එය විනිශ්චයේ වැරැද්දක් බවත් ඔහු පැවසීය.

මෙම වංචාව 2017 දී ප්‍රංශ ජනාධිපති ධුරය සඳහා වූ ඔහුගේ උත්සාහයද ව්‍යර්ථ කළ අතර එමානුවෙල් මැක්රෝන්ගේ ජයග්‍රහණයට මඟ පෑදීය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

43 සේනාංකය සමායෝජකයන් 14 ක් සමග ගමන් අරඹයි..

"43 සේනාංකය" මංගල ප්‍රකාශය එළි දැක්වීමේ උත්සවය 2021 ජනවාරි 17 දින උදෑසන ආරම්භ විය. මිනිසත්කම, දැනුම, කුසලතාව පෙරටු කොට ගෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා...

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අතහැර කෝටි 500 ක් වන්දි ගෙවන ආණ්ඩුව

ඉදිකිරීමට තිබු මාළඹේ සිට කොටුව දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉවත දැමීම නිසා ජපානයට රුපියල් කෝටි 500ක වන්දි ගෙවීමට සිදුවනු ඇති බව අනාවරණය...

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් කියාගෙන විමර්ශනවලට බලපෑම් එපා!

පොලිස්පතිගේ ඥාතීන් හා හිතවතුන් බව පවසා; පොලිස් ස්ථානවල සිදු කෙරෙන විමර්ශනවලට බලපෑම් කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය...

දයා රත්නායක කියයි “ප්‍රධාන වරාය කිසිවක් රජය පාලනය කරන්නෙ නෑ”

දයා රත්නායක මහතා සඳහන් කරන්නේ ලොව ප‍්‍රධාන පෙලේ වරායවල් කිසිවක් රජයවල් විසින් පාලනය කරන්නේ නැති බව ය.  ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වත්මන්...

පාඨක අදහස්