හිටපු මහ බැංකු නි. අධිපතිගෙන් බරපතල අනතුරු ඇඟවීමක්.

248
Ads by AOL

හිටපු මහ බැංකු නි. අධිපතිගෙන් බරපතල අනතුරු ඇඟවීමක්.

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මෙරට ආර්ථික අර්බුදය ගැන මෙන් ම

Ads by AOL
Sri Lankan Matrimony

ආණ්ඩුව අනුගමනය කරන නවීන මූල්‍ය න්‍යාය පිළිබඳව ද බරපතළ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

ආචාර්ය ඩව්ලිව්. ඒ. විජේවර්ධන Sunday Times පුවත්පතට සම්පාදනය කළ ලිපියක් සමන් පුෂ්ප ලියනගේ විසින්

සිංහල භාෂාවට පරිවර්තනය කර අද (15) ලංකාදීප පුවත්පතේ පළකර ඇත.

එම ලිපියෙන් මෙම අනතුරු ඇගවීම් දෙක ප්‍රධාන වශයෙන්ම මතුකර තිබේ.

1. “ශ්‍රී ලංකා ආර්ථිකය අද වෙන විට මංසන්ධියකට පැමිණ තිබේ.

තව මාස දෙකකින් නව මුදල් ඇමතිවරයා තම කුළුඳුල් අයවැය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ.

එසේ වුවද, ඊලඟ මාස දෙක තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා නොවැටී ආරක්ෂාවී පවතින්නේ ද යන්න සැක සහිතය.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී මුදල් ඇමතිවරයා කී පරිදි ආර්ථික අර්බුදය, අර්බුදයකින් දැන් සමස්ත ව්‍යසනයක් බවට පත්ව තිබේ.

ආණ්ඩුවේ ඉහලම ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ බලාපොරොත්තුව වන්නේ බදු සංශෝධන පනත වරාය නගරයේ ආයෝජන සහ

ඍජු විදේශ ආයෝජන තුළ නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබාගැනීම වුවද ඒ කිසිවක් තවමත් යථාර්ථයක් බවට පත්වී නැත.”

2. “දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු (හිටපු මහ බැංකු අධිපති) අනුගමනය කළේ නවීන මූල්‍ය න්‍යාය (Modern Monitory Theory -MMT) යනුවෙන් හඳුන්වන ප්‍රධාන මූල්‍ය ආර්ථික දහරාවෙන් බිඳී ගිය ආර්ථික මතවාදයකි.

සංවිත වර්ගයේ මුදල් නොවන මුදල් වර්ගයක් භාවිතා කරනා ශ්‍රී ලංකාව වැනි රටකට එය න්‍යායත්මකව උචිත නොවන්නකි.”

නව මහ බැංකු අධිපති වශයෙන් පත්කර සිටින අජිත් නිවාඩ් කබ්රාල් මෙකී මූල්‍ය න්‍යාය අනුගමනය කිරීම වෙනුවෙන් දැඩිව පෙනී සිටින අයෙකි.

Ads by AOL
Sri Lankan Matrimony

Leave a Reply