හිටපු විධායක ජනාධිපතිවරු තිදෙනෙකු හා ජනපතිවරයකුගේ වැන්දඹුවකට පහසුකම් සැපයීම සඳහා 2021 අයවැයෙන් රුපියල් ලක්ෂ 600 ක් වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් මේ සතියේ නිකුත් කළ අයවැය ඇස්තමේන්තුවල දැක්වෙන බව ඩේලි එෆ්ටී වාර්තා කර තිබේ.
හිටපු විධායක ජනාධිපතිවරු සහ අභාවප්‍රාප්ත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වැන්දඹුව වන හේමා ප්‍රේමදාස මහත්මියට අදාළ මුදල් වෙන් කර ඇත්තේ ජනාධිපති අයවැයේ මෙහෙයුම් කටයුතු යටතේ ය.
මෙම මුදල් මගින් හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන අයගේ විශ්‍රාම ප්රතිලාභ ආවරණය කෙරේ.
කුමාරතුංග මහත්මියගේ වාර්ෂික විශ්‍රාම ප්‍රතිලාභය රුපියල් ලක්ෂ 41 ක් පුනරාවර්තන වියදම් කාණ්ඩයට අයත් වන අතර 2021 සඳහා ගොඩනැගිලි සහ වාහනවල පිරිවැය ආවරණය වන ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 3 ක් බව පැවසේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිලාභය සමාන වන අතර එය රුපියල් ලක්ෂ 81 කි.
ඒ අනුව ඔවුන්ගේ විශ්‍රාම වැටුප්, ගොඩනැගිලි සහ වාහන සඳහා වන ප්‍රග්ධන වියදම් ඇතුළු මුළු වියදම් සඳහා රුපියල් ලක්ෂ 162 ක් වෙන්කර තිබේ.
හිටපු ජනාධිපති ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියගේ විශ්‍රාම ප්රතිලාභ රුයල් මිලියන 2 ක් වන අතර තවත් මිලියන 2 ක් ගොඩනැගිලි සහ වාහන සඳහා ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇත.
වත්මන් අගමැති ධුරය සඳහා හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා වත්මන් තනතුර වෙනුවෙන් වෙනම වැටුපක් ලබා ගන්නේද යන්න පැහැදිලි නැතැයි ද එෆ්ටී වාර්තාකර තිබේ.
මන්ත්‍රීවරයකු වන හිටපු ජනාධිපති සිරිසේනට ජනාධිපති විශ්‍රාම වැටුපට අමතරව වැටුපක් ලැබේද යන්න ගැනද නොපැහැදිළි බව පැවසේ.
2019 දී රුපියල් ලක්ෂ 379 ක් හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු ජනාධිපති ආර්යාව සඳහා පහසුකම් සඳහා වෙන් කර ඇත. මෙවර එය තවත් ලක්ෂ 230 කින් වැඩිකර තිබීම සුවිශේෂී කරුණකි.
ජනාධිපති සිරිසේනගේ ධුර කාලය 2019 නොවැම්බරයෙන් අවසන් වූ අතර ඔහු හිටපු ජනාධිපතිවරුන්ගේ ලැයිස්තුවට මේවන විට එක්ව තිබේ.
Leave a Reply