31 C
Colombo
Tuesday, September 29, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "දැවෙන විහගුන්” චිත‍්‍රපටයේ ප්‍රධාන නිලි අනෝමා ජිනාදරී ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට එරෙහිව...

ප්‍රවීන රංගන ශිල්පිනියක් වන අනෝමා ජිනාදරී මහත්මිය සමාජ මාධ්‍ය හරහා විශාල වශයෙන් කතා බහට ලක්වන චරිතයකි.ඒ ඇය සිය නිරුවත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් ඒ හා සම්භන්ද ලාංකීය මතවාද වෙනස් කිරීමට උත්සාහ ගනු ලබන නිසාය.

කෙසේ වෙතත් ඇය අද තවත් සුවිශේෂී ක්‍රියාවක් සිදු කිරීම නිසා මේ වන විට සමාජ මාධ්‍ය හරහා කතා බහට ලක්වී තිබේ.එනම් දැවෙන විහගුන් සිංහල චිත‍්‍රපටයට එරෙහිව එහි ප‍්‍රධාන නිළිය ලෙස රංගනයේ නිරත වන අනෝමා ජනාදරී අධිකරණය හමුවේ අද (03) පෙත්සමක් ගොනු කිරීමය. ඒ, චිත‍්‍රපටය සඳහා ප‍්‍රදර්ශන සහතික දෙකක් නිකුත් කිරීමට ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය ගත් තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරමින්ය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ ”දැවෙන විහගුන්” චිත‍්‍රපටය සඳහා ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය මගින් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි යනුවෙන් එක් සහතිකයක් සහ වැඩිහිටියන්ට පමණයි යනුවෙන් තවත් සහතිකයක් නිකුත් කර ඇති බවය.

එක් චිත‍්‍රපටයක් සදහා මේ ආකාරයෙන් ප‍්‍රදර්ශන සහතික දෙකක් නිකුත් කිරීමට ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට බලයක් නොමැති බවත් එසේ සහතික දෙකක් නිකුත් කිරීමේ තීරණය නීතියට පටහැනි බවත් පෙත්සමෙන් දක්වා තිබේ. ඒ අනුව මෙම පෙත්සම සැප්තැම්බර් මස 27 වැනිදා අභියාචනාධිකරණයේදී සලකා බලනු ඇත.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වැරදි ඖෂධ යවා අන්ධ කළ තරුණයාට රු. ලක්‍ෂයක් දෙයි

කොරෝනා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලෙනින් නිරෝෂන් නැමති 16...

ජනමත විචාරණයකට අපි සූදානම්

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට...

විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්

20න් විගණන කොමිසම ඉවත් කිරීම හේතුකොටගෙන රාජ්‍ය සමාගම් 117ක් ඉවත් වන බවත් ඒ හරහා රුපියල් කෝටි 74,300ක වත්කම් සහිත ආයතන විගණනයෙන් ඉවත්...

පොල් මිල පාලනයට ආණ්ඩුව විහිළු සපයනවා

පොල් මිලදී ගන්න ටේප් පටියක් අරන් පොළේ යන්නැයි ජනතාවට කියමින් පොල් මිල පාලනයට ‘විහිළු’ සපයන්නට ආණ්ඩුව පටන් ගෙන තිබෙනවා. ඉදිරියටත් ටේප් පටි...

පාඨක අදහස්