31 C
Colombo
Friday, October 30, 2020
මුල් පිටුව ගොසිප් උදේ වේදනාව නිසා බලනකොට දැනගත්තේ මට අතවර කරල කියල, මේකයි ආරුගම්බේ තත්වය

උදේ වේදනාව නිසා බලනකොට දැනගත්තේ මට අතවර කරල කියල, මේකයි ආරුගම්බේ තත්වය

ආරුගම්බේ බීච් පාටිවලදී සිදුවන නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අප මීට පෙරද ඔබට තොරතුරු ඉදිරිපත් කර තිබේ. මත්ද්‍රව්‍ය රිසිසේ භාවිත කර විදෙස් කතුන්ට සිදුකරන ලිංගික අතවර ද ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

ආරුගම්බේ බීච් පාටියකදී එවන් ඛේදජනක අත්දැකීමකට මුහුණ දුන් යුරෝපා රටකින් පැමිණි සුදු කතක් සති අන්ත පුවත්පතකට තම අත්දැකීම පවසා තිබුණේ මෙලෙසිනි.

“මම මිතුරියක් එක්ක ලංකාවේ සුන්දරත්වය බලන්න ආවේ. ලංකාව ගොඩක් ලස්සනයි. නමුත් සමහර දේවල් හරිම සවුත්තුයි. අපි බීච් පාටියකට යන්නේ විනෝද වෙන්න. මාවත් බීච් පාටියකදී මත්කරලා තිබුණා.”

“මට මොනවා වුණාද දන්නේ නැහැ. මම පාන්දර ඇහැරිලා බලද්දී මම මුහුදු වෙරළ ළඟ බෝට්ටුවක හිටියේ. මට මහා වේදනාවක් දැනුණා. මට අතවර කරලා තියෙනවා කියලා තේරුණා. මම දන්නේ නැහැ මට ඒ දේ කළේ කවුද කියලා. කී දෙනෙක් මට කරදර කරාද කියලත් දන්නේ නැහැ.”

“මට ලංකාව එපා වුණා. අපිට මිනිහෙක් එක්ක ඉන්න ඕනෙ නම් ඒ ගැන හැඟීමක් තියෙන්න ඕනි. අපිට කැමැත්තක් ඇති වෙන්න ඕනි. අපිට සිහි නැති කරලා මේ කරන වැඩේ පිළිකුල්. අපි ආයෙ ලංකාවට එන්නේ නැහැ. අපි දන්න අයටත් කියනවා ආරුගම්බේ ඇත්ත තත්ත්වය. ලංකාව ලස්සනයි කියලා ලෝකෙම ප්‍රචාරය කරලා අපි ගෙන්නුවට වැඩක් නැහැ. අපේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනි.“

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පවිත්‍රාගේ බලපෑමට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ධූරයට හිතවතෙක්

ජ්‍යෙෂ්ඨත්වය නොසලකා හැර කනිෂ්ඨ නිලධාරියකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම වහා නිවැරැදි කරන්නැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය ඇමැතිවරියගෙන්...

ආසාදිතයින් 414ක් හදුනා ගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 414දෙනෙකු හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 62දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි...

කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යාමේ අවදානමක්

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතල තත්ත්වයක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්...

20වැනි සංශෝධනය අද සිට බලාත්මක වේ

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අත්සන් කර තිබේ. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්...

පාඨක අදහස්