31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව විදෙස් පුවත් ඇමරිකාව යලි ත්‍රස්ත බියෙන් ...8 දෙනෙකුට මරු කැඳවූ නිව්යෝර්ක් ප්‍රහාරයේ වීඩියෝව

ලෝකය පුරා ත්‍රස්තවාදී ක්‍රියා දිනෙන් දින වර්ධනය වෙමින් පවතින වටපිටාවක එහි ආසන්නතම සිදුවීමක් ලෙස ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පදික හා පාපැදි මං තීරුවක් වෙත ට්‍රක් රථයක් ධාවනය කිරීමෙන් පුද්ගලයින් 8 දෙනෙකු පමණ මරා දමා 11 දෙනෙකුට පමණ තුවාල සිදු කිරීමේ පුවතක් වාර්තා වේ.විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ පසුව ව්‍යාජ ගිනි අවි පෙන්මින් ට්‍රක් රියෙන් පිටතට පැමිණි 29 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තැබු පොලිසිය ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

නිව්යෝර්ක් නගරාධිපතිවරයා මෙන්ම ආණ්ඩුකාරවරයාද සිද්ධිය වූ ප්‍රදේශයට පැමිණ ඇති බව සදහන් වේ.නිව්යෝර්ක් නගරාධිපති බිල් ඩී බ්ලැසියෝ පවසන්නේ මෙය ”අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කර ගත් ත්‍රස්ත ප්‍රහාරය බියගුලු ක්‍රියාවක්” බවයි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කරන්නේ නිව්යෝර්ක් නගරයේ ත්‍රස්තවාදී ප්‍රහාරයට ගොදුරු වූවන් සහ පවුල් වල සාමාජිකයන්ට සිය ශෝකය ප්‍රකාශ කරන බවයි.ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් භාරගෙන නැත.එසේම පසුගිය දා අමෙරිකාවේ ලාස්වේගාස්හී පැවති සංගීත ප්‍රසංගයක් අතරතුරදි සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයින් 59 දෙනෙකු මියගොස් තවත් පුද්ගයින් 527 දෙනෙකු තුවාල ලැබුවා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්