31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සයිටම් වලට ජනපති දුන් විසදුම් මාලාවට රජයේ සියලු උපකුලපතිවරුන් එක්ව නිකුත් කල...

සයිටම් වලට ජනපති දුන් විසදුම් මාලාවට රජයේ සියලු උපකුලපතිවරුන් එක්ව නිකුත් කල නිවේදනය මෙන්න

අප රට තුල මෑත කාලීනව නිර්මාණය වූ දැවැන්තම අර්බුදයක් ලෙස සයිටම් වෛද්‍ය විද්‍යාලය සම්බන්ද ප්‍රශ්නය හඳුනාගත හැකිය.මෙම ගැටලුව  සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද ජනාධිපති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබූ විසඳුම් යෝජනාවලිය සාධනීය හා සුබවාදී යෝජනා මාලාවක් ලෙස පිළිගත හැකි බව රාජ්‍ය විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2017 ඔක්තෝබර් 29 වැනිදා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද නිවේදනය දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසු රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ලෙස මෙම යෝජනා මාලාව සාධනීය හා සුබවාදී යෝජනා මාලාවක් ලෙස පිළිගත හැකි බව ප්‍රකාශ කරන බව උපකුලපතිවරු කියා සිටිති.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලු වෛද්‍ය සිසුන්ට සිය අධ්‍යාපන සහ සායනික පුහුණු කටයුතු කර ගෙන යාම සඳහා සුබවාදී තත්ත්වයක් ගොඩනැගී ඇති බැවින් වහාම සිය අධ්‍යයන කටයුතුවල නිරතවන ලෙස අවධාරණය කර සිටින බවද ඔවුහු සිය නිවේදනයේ සඳහන් කරති.

පසුගිය මාස ගණනාවක් තුළ රජයේ වෛද්‍ය පීඨවල සියළුම අධ්‍යයන කටයුතුවලට සිසුන් සහභාගි නොවීම නිසා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුවූ අයහපත් බලපෑම මෙන්ම වෛද්‍ය සිසුන්ගේ අනාගතය සම්බන්ධව ඇති වී ඇති අවිනිශ්චිතතාවයන් සම්බන්ධයෙන් දැඩිව සලකා බැලීමෙන් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කිරිමට උපකුලපතිවරුන්ගේ කමිටුව විසින් තීරණය කරන ලද බව ද එහි පෙන්වා දෙයි.

රජරට, කොළඹ, පේරාදෙණිය, ජයවර්ධනපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, සබරගමුව, වයඹ, අග්නිදග, ඌව වෙල්ලස්ස, සෞන්දර්ය කලා සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාල යන සියලු විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ගේ නමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්