31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නිසි අකුණු තාක්ෂණික ක්‍රමවේද අනුගමනය නොකලොත් සීගිරියේ සිංහ පාදයට උනදේ වේවි...

වසර 2012 ඔක්තෝබර් මස 24 වන දින ලංකාවේ සියලූ පුවත්පත්වල මෙන්ම රජයේ වෙබ් අඩවිවල ද වාර්තා වූයේ කනගාටුදායක සිදුවීමකි. ඊට පෙර දින සීගිරියට වැදුණු අකුණු පහරකින් සිංහ පාදය අසල විශාල කොටසක් ගැල වී ගොස් ඇති බව එම වාර්තාවයි. හානිය සිදුවන අවස්ථාවේ අකුණු සහිත වැහිබර කාලගුණයක් පැවතී ඇත.

ඊට දින කිහිපයකට පසු අදාළ බලධාරීන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් මෙම සිද්ධිය වසර දහස් ගණනක් පුරා වූ ස්වභාවික ක්ෂයවීම් නිසා සිදුවූවක් මිස අකුණු පහරක ප‍්‍රතිඵලයක් නොවන බව කියා සිටියේ ය. එය එසේ වී නම්, සිදුවන අපහසුතාවයෙන් මිදීමට බලධාරීනට කදිම අවස්ථාවකි. මන්ද, අකුණුවලින් සිදුවන විපත් අවම කරගැනීමට තාක්ෂණික ක‍්‍රමවේද එමට ඇත. මේ ගැන අප ඊට පෙර ද පවසා තිබුණි. එම ක‍්‍රමවේද එතෙක් අනුගමනය නොකිරීමෙන් මෙම හානිය සිදු වුණා යැයි ඔවුනට එල්ලවන විවේචනවලින් පහසුවෙන් මිදීමට මෙම නිගමනය උපකාරී වෙයි.

සීගිරියට වූ ඉහත හානිය අකුණු පහරකින් සිදු නොවුණේ යැයි බලධාරීන් නිගමනයකට පැමිණියේ කෙසේ දැයි අපි නොදනිමු. බිත්තියක කොටසක් මෙලෙස ගැලවී යෑම ස්වභාවික ක්ෂයවීමකින් සිදු වීමට ඉඩ ඇත. එලෙසම, එම ස්ථානයටම වැදුණු අකුණු පහරකින් හෝ ආසන්න ස්ථානයකට වැදුණු අකුණු පහරක ධාරාව අදාළ ස්ථානයෙන් ඉවතට ගැලීමෙන් ද මෙබඳු හානියක් සිදු විය හැක. සිද්ධියට හේතුව දෙවෙනි කරුණ නම් බොහෝ විට ගැලවුන ගල් සෑහෙන දුරකට විසිරී තිබෙනු නිරීක්ෂණය කළ හැක. එයට හේතුව අභ්‍යන්තරයේ ක්ෂණිකව ඇතිවන පීඩනයයි. මෙම අවස්ථාවේ නිකුත් වූ සමහර ඡුායාරූපවල මෙලෙස විසිරුණ ගඩොල් කැබලි පෙනෙන්නට තිබුණි. එහෙත් නිවැරැුදි උපකල්පනවලට එළැඹීම සඳහා එම ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ යුතුව තිබුණි. සමහර විට බලධාරීන් තම නිගමනවලට පැමිණ ඇත්තේ මෙම නිරීක්ෂණ උපයෝගී කොට ගෙන විය හැක.

එහෙත් ඉහත සංසිද්ධියේ දී වැදගත් වන්නේ සීගිරියට වූ හානියට අකුණු වගකිව යුතුද, නැද්ද යන්න නොවේ. එය අකුණු ආරක්ෂණය සඳහා බලධාරීන්ට කරන සිහිගැන්වීමක් ලෙස පිළිගැනීමයි.

වසර දහස් ගණනක් බොහෝ ස්වභාවික උවදුරුවලින් නිරුපද්‍රිතව පැවතීගෙන එන පුරාවිද්‍යාත්මක වැදගත් කමක් ඇති ජාතික වස්තු, වර්තමානයේ දී අකුණු ආරක්ෂණය කිරීමට යෝජනා කිරීම තාර්කික දැයි යමෙකුට පැනයක් නැගිය හැකි ය. එහෙත් අකුණු ආරක්ෂණ විශේෂඥයන් මෙම පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත අඩවියකට පිය නැගූ සැනෙන් ඔවුනට මෙම පැනයට පිළිතුරු හමුවෙයි.

පසුගිය දශක කිහිපය තුළ බොහෝ පුරාවිද්‍යා ස්මාරක සහ ගොඩනැගිලිවලට නොයෙකුත් වෙනස්කම් සිදු කර ඇති බව අපට පෙනෙයි. අව් වැසි ආවරණ, ආලෝක කරණය සඳහා ඇදි විදුලි රැුහැන් සහ විදුලි බුබුළු පද්ධති (සහ ඒවායේ අධාරක*, අනෙකුත් ආධාරක ව්‍යුහ, කොඩි ගස් ඇතුළු නව එකතුකිරීම් රාශියක් මේ වෙනස්කම්වලට අයත් වේ. විශේෂයෙන්ම ලෝහ කොටස් සහිත මෙම නව අංග අකුණු සඳහා නිකුත් කෙරෙන ආරාධනා පත‍්‍ර වැනි ය.

ස්ථාන කිහිපයක දී අප නිරීක්ෂණය කළ ආකාරයට මෙම නව එකතුකිරීම් නිර්මාණය කිරීමේ දී අකුණු ආරක්ෂණය පිළිබඳව කිසිදු සැලකිල්ලක් දක්වා නැත. උදාහරණයක් ලෙස අව්-වැසි ආවරණයක් යෙදීමේ දී ලෝහ තහඩු සහිත වහලයක් ලෝහ කණු මත පිහිටුවා එම කණු කොන්ක‍්‍රීට් ආධාරක මත ස්ථාපනය කිරීම සාමාන්‍ය ක‍්‍රමයයි. මෙවැනි ආවරණයක් වෙතට අකුණු ඇදී ඒමට හැකි අවස්ථා අධික ය. එසේ වදින අකුණක් මගින් ආවරණය කළ පුරාවිද්‍යා ස්මාරකයට පැති අකුණු පහරක් වැදී එය දරුණු ලෙස හානියට පත්වීමට ඉඩකඩ ඇත. එසේම එම අකුණු ධාරාව පොළොව මතුපිට පුරා පැතිර යෑම සහ විද්‍යුත් පුලි`ගු ඇතිවීම නිසා ස්මාරකයේ පාදමට අනතුරු සිදුවිය හැක.

ඒ සියල්ලටම වඩා එම ස්ථානයේ සිටින පුද්ගලයන්ට සිදුවිය හැකි මාරක අනතුරු පිළිබඳව ද අප සිතා බැලිය යුතු ය.

ලෝක උරුමයක් වන නේපාලයේ කත්මන්ඩු නුවරට ආසන්නයේ පිහිටි ප‍්‍රතාපූර් බෞද්ධ සිද්ධස්ථානයේ තිබු ඉතා ඉහළ පුරා විද්‍යා වටිනාකමකින් යුත් ගොඩනැගිල්ලක් වසර 2011 දී අකුණු පහරකින් විනාශ වී ගියේය. ඉන් පෙර හා පසුව ද කිහිප විටක්ම මෙම සිද්ධස්ථානයේ වූ අකුණු අනතුරුවලින් හානි කිහිපයක්ම සිදු විය. අපට මෙම සිද්ධස්ථානයේ කළ නිරීක්ෂණ චාරිකාවක දී හෙළි වුයේ එහි නොයෙකුත් ලෝහමය නිමැවුම් රාශියක් පසුගිය සමයේ දී ඉදි වී ඇති බවයි. එක් අකුණු පහරකින් වසර දහස් ගණනක් පැවති ස්මාරකයක් එක් සැනෙකින් විනාශ විය හැකි බව මෙම සිද්ධිවලින් පසක් වේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානවලට අකුණු ආරක්ෂණය ලබා දීමේදී, ප‍්‍රථමයෙන් ඒ පිළිබඳව හසළ දැනුමක් ඇති විශේෂඥයන් ලවා පූර්ණ විශ්ලේෂණයක් කිරීම වැදගත් වෙයි. ඉන්පසු පිළිගත් තාක්ෂණ ක‍්‍රමවේදයකට අනුව ආරක්ෂණ පද්ධතිය සකස් කරගත යුතු ය. මේ වන විට ලංකාවේ විශාල වශයෙන් ජාතික හෝ අන්තර්ජාතික ප‍්‍රමිතිවලට අනුකූල නොවූ ආරක්ෂණ පද්ධති යොදා ඇත. එය අනවශ්‍ය අන්තරාවලට අත වැනීමකි. උදාහරණයක් ලෙස කුරුණෑගල ඇතාගල මත ඉදිකළ බුදු පිළිමයට කලකට පෙර සිදු වූ හානිය සඳහන් කළ හැක. එම බුදු පිළිමයට ප‍්‍රමිතියෙන් තොර වූ අකුණු ආරක්ෂණ පද්ධතියක් යොදා තිබුණි (දැන් වෙනස් කර ඇත්දැයි නොදනිමු*. එයට එල්ල වූ අකුණු පහරකින් පිළිම වහන්සේගේ ගෙල ප‍්‍රදේශයට හානි සිදු වී තිබුණි. අප එකල කළ නිරීක්ෂණ චාරිකාවක දී පෙනී ගියේ අකුණු සන්නායකයේ ඉහළට වැදුණු අකුණු පහරකින් ගැලූ ධාරාව ඊට පහළ කොටසක දී පිළිමයට හානි පමුණුවාගෙන කොන්ක‍්‍රීට් ව්‍යුහයේ ඇති යකඩ රාමුවට ඇතුළු වී ඇති බවයි.

වසර දහස් ගණනකට පෙර අපේ මුතුන් මිත්තන් විශාල දාගැබ් සඳහා තාක්ෂණයෙන් ඉහළ අකුණු ආරක්ෂණ උපක‍්‍රමයක් යොදා ගෙන තිබුණි. ඒ ක‍්‍රමවේදය අපි ජාත්‍යන්තරයට පෙන්වා දුන්නෙමු. එය නව ලෝකයට අලූත් ආරක අකුණු ආරක්ෂණ තාක්ෂණයක් බිහි කිරීමට මුල් වෙමින් පවතී. එබඳු යුගයක අපේ පුරාවිද්‍යාත්මක වස්තු අකුණු ප‍්‍රහාරවලින් ආරක්ෂා කරගැනීමට අපට නොහැකි වේ නම් එය ජාතියේ අවාසනාවකි.

(රිවිර පුවත්පටට මහාචාර්ය චන්දිම ගෝමස් මහතා සැපයු ලිපියක් ඇසුරෙනි)

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්