31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අවුකන පිළිම වහන්සේ අනතුරේ - හානියක් වුවහොත් විෂයභාර ඇමති වගකිවයුතුයි

මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි පතිත වේ.මෙලෙස වැසි පතිත වීමත් සමග අකුණු සැර වැදීම් පිළිබඳවද ප්‍රදේශ රැසකින්ම වාර්තා විය.ඉන් මිනිස් ජිවිත කිහිපයක්ද නැති වී ගිය බව පසුගියදා මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.කෙසේ වෙතත් මේ තත්වය හමුවේ ලෝක පූජිත වූ අවුකන බුදු පිළිම වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකර ඇති යකඩ තහඩු සහිත වහලය නිසා එම ස්ථානයට නිරන්තරයෙන් අකුණු සැර වදින බව අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමියෝ පවසති.

මේ දිනවල නිතරම අකුණු සැර වදින බවත් මීට දින කිහිපයකට ඉහත දී මෙම වහලයට අකුණු පාත් වූ බවත් මෙහි පවතින අවදානම පිළිබඳව ජනපති ඇතුළු වගකිව යුතු සියලු අමාත්‍යාංශ නිලධාරින් ලිඛිතව හා වාචිකව දැනුම් දී ඇතත් මෙතෙක් කිසිදු අවධානයක් යොමු නොකළ බව උන්වහන්සේ පවසති.

අවුකන බුද්ධ ප්‍රතිමාවට අකුණක් මගින් යම්කිසි හෝ හානියක් සිදු වුවහොත් එහි වගකීම විෂයභාර ඇමැති දැරිය යුතු බවත් එමෙන්ම වහලය නිසියාකාරව සවි නොකිරීම නිසා වහලය මත වෑස්සෙන වතුර බුදු පිළිමය පිහිටි මලුවට පතිත වන බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

තමන් වහන්සේගේ මෙම ඉල්ලීම පිළිබඳව බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකරන නිසා තමන් බලවත් කනස්සල්ලට පත්ව සිටින බවද උන්වහන්සේ පවසති. මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ හෝ අවධානය යොමුවී අවුකන බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි උන්වහන්සේ පුරාවිද්‍යා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්