31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව උණුසුම් පුවත් කැබිනට් මාධ්‍ය හමුවේදී දයාසිරිගේ හින්ට් එකට රාජිතට මල පනී (වීඩියෝව)

යහපාලන රජයේ තවත් ප්‍රබල දේශපාලන පොරොන්දුවක් ලෙස තරුණ තරුණියන් හට රැකියා අවස්ථා ලබා දීමේ අරමුණෙන් කුලියාපිටියේදී ආරම්භ කරන ලද වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවෙන් රැකියා කොපමණ උත්පාදනය වුයේදැයි මාධ්‍යවේදියෙකු විසින් සම කැබිනට් ප්‍රකාශක ඇමති දයාසිරි ජයසේකරගෙන් ඊයේ(01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී විමසා සිටියේය.

එහිදී අන්ද මන්ද වූ දයාසිරි අමාත්‍යවරයා සෘජුව පිලිතුරැ නොදුන්නද රහසින් කියූ දේ මාධ්‍යයන්හි සටහන් වී තිබුණි.

ඒ මෙසේය,
‘රැකියා පන්දාහක් විතර හම්බවෙලා තියෙනවා’ යයි ඇමතිවරයා කී විට ලග සිටි ඇමති රාජිතද පුදුම වී විමසුයේ ‘මොනවද.. පන්දාහක්’ කියායි.
‘මං නම් දන්නෑ ඒකෙ රැකියා ප්‍රමණය ඉතින්’ යයි අවසන දයාසිරි අමාත්‍යවරයා ප්‍රශ්නයෙන් ලිස්සා ගියේය.

මෙය එක්සත් ජාතික පක්ෂයට එල්ලකළ හින්ට් එකක් ලෙසද මේ වන විට බොහෝ දෙනා සදහන් කරනු ලබයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්