25 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව දවසේ ඡායාරූපය රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන්නේ කාදිනල් හිමියන්ගේ මතය අනුව - කාවින්ද ජයවර්ධන

මේ වන විට ඇමති රිෂාඩ් බදියුදීන් සම්භන්දයෙන් පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ඉදිරිපත් වෙමින් පවතී.ඒ අනුව අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දක්වනවාද, නැද්ද යන්න එම යෝජනාවේ ඇතුළත් කරුණු අනුව තීරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටී.

මාධ්‍ය කළ කරුණු විමසීමකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේය.

එසේම මෙම විශ්වාසභංග යේාජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මතය විමසා සිටියේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය කාවින්ද ජයවර්ධනගෙනි.

එහිදී “මෙම විශ්වාසභංගය ගේන්නේ මොන කාරණා මතද කියන දේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් විය යුතුයි. කෙසේවෙතත් මේ පිළිබඳව පක්ෂය විසින් තවමත් අපිව දැනුවත් කරලත් නෑ. ඒ දැනුවත් කිරීම මතත්.. විශේෂයෙන්ම කතෝලික ජනතාව සහ කාදිනල් හිමියන්ගේ උපදෙස් මතත් මම පෞද්ගලිකව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. එජාපයේ අදහස පිළිබඳව මේ වන විට සාකච්ඡාවක් සිදුවෙලා නෑ.” යනුවෙන් කියා සිටියා.

රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය ප‍්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන ලදී.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

පාස්කු ප්‍රහාරය විමර්ශන 80% ක් අවසන්.. පොලිසියේ ප්‍රබලයන් 08කටත් චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් 153 න් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. පොලිස්...

ශ්‍රී ලන්කන් හිටපු විධායක නිලධාරී සහ බිරිද යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය ලබන මස 4 වැනිදා...

ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු මාරු තාවකාලිකව අත්හිටුවයි

සියළු ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවා තිබේ. සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන්...

හංසයා ලකුණෙන් තරඟ කිරීමේ ගැටලූවක් මැතිවරණ කොමිසමේදී මතුවෙයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඡන්ද ලකුණ වන හංසයා ලකුණ සමගි ජන බලවේගය සඳහා ලබාගැනීමේ ගැටලුවක් මතුව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්...

පාඨක අදහස්