31 C
Colombo
Saturday, August 15, 2020
මුල් පිටුව උණුසුම් පුවත් අධික විශ සහිත අයිස් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් ගුවන් තොටේදී හසුවෙයි
Crystal Meth  හෙවත් අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඉන්දියාවේ චෙන්නායි සිටි පැමිණි අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ඇඳුම් තුළ සූක්ෂම ලෙස සඟවාගෙන සිටියදී අදාළ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
 
එහිදී ඔහු සතුව තිබී අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30ක් සොයාගෙන තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අදාළ මත්ද්‍රව්‍ය ඔහුට ලබාදුන් පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.
 
එහිදී ඔහු සතුව තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් ද පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යාංශය විසින් සොයාගෙන ඇති බව සඳහන්ය.
 
අත් අඩංගුවට ගත් සැකකරුවන් 41 හැවිරිදි සහ 44 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි.
 
ඔවුන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
 
මෙම මත්ද්‍රව්‍ය අදික විෂ සහිත වන අතර එම විකුර්තිය ඇතිකරවන බව වාර්තා සඳහන් කරයි එසේ විකුර්ති තා සහිත පුද්ගලයින්ගේ චායරුප කිහිපයක් පහතින්

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

විදුර අසතුටෙන්.. රාජ්‍ය ඇමතිකම අත්හැරීමේ සූදානමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගත් විදුර වික්‍රමනායක මහතාද තමන්ට ලැබුණු රාජ්‍ය අමාත්‍ය...

සේනා යළිත් මතුවෙයි

මීට වසරකට පමණ ඉහතදී රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ සේනා දළඹු වසංගතය නැවතත් හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ බදුල්ල පස්සර...

මහින්ද විනාශ කළ ශ්‍රීලනිපයේ ඉතිර අඩ මෛත්‍රී ඉතා නීච ලෙස විනාශ කළා

දශක ගණනාවක් තිස්සේ රටේ තිබූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම විනාශ වී ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. තම පියා විසින්...

රාජ්‍ය ප්‍රධානීන් ලොක්ඩවුන් කාලෙත් ප්‍රවාහන දීමනා ගනී

කොරෝනා වසංගත තත්ත්වය නිසා රට lockdown කර තිබූ මාර්තු අප්‍රේල් හා මැයි මාස වලදීත් බොහොමයක් රජයේ නිලධාරීන් ප්‍රවාහන හා ඉන්ධන දීමනාව ලබාගෙන...

පාඨක අදහස්