31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් ගොසිප් දරුවන් නවදෙනා අතහැර වෙනත් රටක ෆේස්බුක් පෙම්වතා සොයාගිය අමුතු ගැහැණියක් (ඡායාරූප සහිතයි)

දරුවන් නවදෙනා අතහැර වෙනත් රටක ෆේස්බුක් පෙම්වතා සොයාගිය අමුතු ගැහැණියක් (ඡායාරූප සහිතයි)

•බ්‍රිතානයේ හතලිස් හතර හැවිරිදි හෙයිඩි හෙප්වර්ත් සිය ස්වාමිපුර්ෂයා වන හතලිස් හතර හැවිරිදි ඇන්ඩි සහ දරුවන් නවදෙනෙකු අතහැර  වයස අවුරුදු 30ක් වන මමඩෝ නම තරුණයෙකු සමග පැනගොස් තිබෙනවා 
• ස්වාමිපුරුෂයා තවමත් විශ්වාස කරන්නේ සිය බිරිඳ බරපතල ලෙස රැවටීමකට ලක්ව ඇති බවයි.
• කිසිදා විදෙස්ගතව නොමැති ඇය නව පෙම්වතා තුරුලට යෑම සඳහා ගැම්බියාව බලා විදෙස් ගතව තිබෙනවා.
• පසුගිය මාර්තුමාසයේ සිය බාහිර පෙනුමට වෙනස් කරගත් ඇය අන්තර්ජාලයේ නාඳුනන පුද්ගලයින්ට කතා කිරීමට පටන්ගෙන තිබෙනවා.

23 වසරක සිය ආදරණීය බිරිඳ වූ ඇය මෙසේ ලාබාල අප්‍රිකානුවෙක් වෙනුවෙන් විදේශකයට පලා යාම පිළිබඳ ඇයගේ සැමියා දැඩි සිත්වේදනාවකින් පසුවෙනවා. හේඩි හෙප්වර්ත් මෙසේ සිය සැමියා හා දරුවන් අත්හැර ගොස් ඇත්තේ මමඩෝ ජැලෝ නම් තිස්හැවිරිදි ගැම්බියානු තරුණයකු හා එක්වන අභිලාශයෙන්. මෙසේ පලායාමට පෙර සිය බාහිර පෙනුම වෙනස්කරගනු පිනිස ඇය සිය ශරීරය පුරා පච්ච පවා කොටවාගෙන තිබෙනවා. ඉන් පසුව පසුගිය මාසයේ ඇය ගැම්බියාව බලා පලාගොස් ඇත්තේ ඇයගේ දරුවන් 9 දෙනාවද සැමියා සමගම අතහැර දමමින්.

සන් සඟරාව වෙත අදහස් දක්වමින් සැමියා වූ ඇන්ඩි මහතා පවසා ඇත්තේ ‘ඇය ඉතාම ආදරණීය, සැලකිලිමත් මවක්, නමුත් ඇය මහා දරුණු පුද්ගලයෙක් බවට පත්වුනා, හරියට ඇයට පිටසක්වල ජීවියෙක් වැහිලා වගේ’ යනුවෙන්. ‘ඌ ඇය මොළ සේදීමකට ලක්  කරලා, ඇය මනෝලෝකයක යමින් ඉන්නේ’ යැයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසනවා. ඔවුන් දෙපල එක්ව දරුවන් 6 දෙනෙකු බිහිකර ඇති අතර, ඊට පෙර විවාහයෙන් ඇයට සිටි දරුවන් තිදෙනෙකුද ඊට අමතරව තම දරුවන් සේම වෙනසකින් තොරව හැඩිදැඩි කර තිබෙනවා. ඇයගේ පලායාමත් සමග ඔවුන් සියලු දෙනා තනිවී සිටිනවා.

පසුගිය ඔක්තෝබර් 30 වැනිදා ඇය සිය ෆේස්බුක් ප්‍රොයිලයේ පින්තූරය මාරු කර තිබුනේ පහත අයුරින්.

https://www.facebook.com/heidi.hepworth.7   

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්