31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් සෞදි කුමරිය සියල්ල හෙළි කරයි
පසුගිය සතියේ ව අත්අඩංගුවට ගත් බිලියනපති අල් වලීඩ් බින් තලාල් කුමරුගේ හිටපු බිරිඳක වන අමීරා අල් තවීල් කුමරිය ප්‍රංශ පුවත් සේවයකට සුවිශේෂී හෙළිදරව්වක් කළා. ඇය පැවසුවේ, සෞදිය තුල දරුවන් ලිංගික වහල්ලුන් ලෙස විකුණන බවයි.
ඒ සඳහා  ශ්‍රී ලංකාව, බංගලාදේශය, පිලිපීනය, සෝමාලියාව, රුමේනියාව, බල්ගේරියාව ඇතුළු තවත් රටවල් රාශියකින් දරුවන් විශේෂයෙන්ම අනාථ දරුවන් තම රටට ගෙන එන බවත් පවසූ ඇය ,“සෞදිය තුල වහල්ලුන් ලෙස බාලවයස්කාර දැරියන් හා කාන්තාවන් විවිධාකාරයෙන් යොදාගන්නව. නමුත් ඒක රාජකීය පවුලේ කුමාරවරු සහ හිතවතුන් විසින් ගොඩක් රහසිගතව කරන දෙයක්” බවද පැවසුවා.
පසුගිය දින කිහිපයේ මුදල් විශුද්ධීකරණය ඇතුළු දුෂණ චෝදනා වලට අත්අඩංගුවට පත්වූ පිරිස අධ්‍යාත්මයෙන්ම දූෂිත බවයි ඇය කියා සිටියේ.
එසේම ජෙඩා නගරය මත්ද්‍රව්‍ය, මත්පැන් බී මත් වී විවිධ ලිංගික ක්‍රියා සිදුකරන සාද වලට (sex party)  බාලවයස්කාර දැරියන් විකුණන වහල් වෙළඳපලක් බවට පත් කර ඇත. 
මෙය නොනවත්වා සිදුවීමට ප්‍රධානම හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ; සදාචාරය ප්‍රවර්ධනය කිරීමේ කමිටුවේ සාමාජිකයන් හා සෞදි ෂරියා පොලිසිය තම රැකියා නැති වේ යැයි බියෙන් මෙම අපරාධය දෙස ඇස් කන් පියාගෙන බලා සිටීමයි.
උදාහරණයක් දක්වමින් කුමරිය පැවසුවේ, මෑතක ජෙඩා නගරයේ පැවති හැලෝවීන් උත්සවය මත්පැන්, කාන්තාවන්, හා DJ වලින් යුතුව රාත්‍රී සමාජ ශාලාවක (nightclub) ස්වරූපය ගත් බවයි. එයට තානාපති කාර්යාලවල සේවයේ යෙදෙන ඉහළපෙලේ පුද්ගලයන් ඇතුළු 150ක් පමණ සහභාගී වී තිබේ.

මේ දේවල්වල බරපතලකම පැහැදිලි කළ කුමරිය පෙන්වා දුන්නේ, ළමා වෙළඳාම සිදුකරන්නන් දරුවන් තමන්ගේ දේපලක් ලෙස සිතා කටයුතු කරන බවයි. ඒ අනුව ළමයින්ට ඔවුන්ගේ අවසරය නොමැතිව කිසිදු දෙයක් කිරීමට හෝ පිටවී යාම තහනම්ය. 
රැකියා කිරීමට සෞදියට එන ආසියානු කාන්තාවන් පවා එක්තරා ආකාරයකට වහල්ලුන් ලෙස යොදාගන්න අතර තරුණ කාන්තාවන් කණ්ඩායම් වලට බෙදා විවිධ අපචාර සඳහා පාවිච්චි කරන බවද ඇය හෙළිදරවු කළා.

එසේම සුදු කාන්තාවන්ද ගෙන්වා විවිධ ලිංගික අත්හදා බැලීම මොවුන් සිදු කරන බව ඇය කියා සිටියා.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්