32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව ගොසිප් මුදලට කෑදර නොවු ත්‍රීවීල් රියදුරාගේ මනුස්සකම ඉතාලි ජාතිකයා පුදුම කරයි

රුපියල් තුන්ලක්ෂ හැටදහසක් පමණ වටිනවා විදේශීය මුදල් සහිත පසුම්බියක් ත්‍රිරෝද රථයේ තිබී අයිතිකාර විදේශිකයා රැඳී සිටින හෝටලයටම ගොස් ඔහුට ලබාදුන් ආදර්ශමත් ත්‍රීරෝද රථ රිදුරෙකු දඹුල්ල නගරයෙන් වාර්තා විය.

ඔහු නමින් සුනිල් ශාන්ත මහතාය.

ඉතාලි ජාතිකයෙකු ක්ලුකස් නැමැති සංචාරකයකු පසු ගිය දෙවනදා පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයට පැමිණ සීගිරිය දඹුලු සංචාරය කොට දඹුල්ල නගරයේ ත්‍රිරෝද රථයකට නැග ලැඟුම්හලට හා රාත්‍රී ආහාර ගැනීමට ගමන්කොට තිබේ.

ඒ දඹුල්ල නගර මධ්‍යයේ ත්‍රිරෝද රථ රියදුරෙකු වූ සුනිල් ශාන්ත හතාගේ ත්‍රිරෝද රථයෙන්.

මෙම විදේශිකයාගේ ගමන් අවශ්‍යතා සපුරා දී සුනිල් මහතා සිය නිවසට ගොස් පැයක පමණ කාලයක් ගත කිරීමෙන් පසු නැවතත් රාත්‍රීයේ දඹුල්ල නගරයට පැමිණ ඇත්තේ සිය නිවසට අවැසි බඩුමුට්ටු ලබා ගැනීම සඳහායි.

බඩුමුට්ටු මිලදී ගත් ඔහු ඉන්ධන පිරවුම් හලකට ගොස් සිය ත්‍රිරෝද රථයට ඉන්ධන ලබා ගැනීමට යන අවස්ථාවේදී සිය ත්‍රීරෝද රථයේ ඇතුළත බිම මෙම මුදල් පසුම්බිය වැටී තිබෙනු දැක ඇත.

මෙම මුදල් පසුම්බිය විවෘත කර බැලූ ඔහු දැක ඇත්තේ විදේශීය මුදල් නෝට්ටු රැසකි.

එහි යුරෝ මුදල් නෝට්ටු විය.

ලංකා මුදලින් වටිනාකම තුන්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක් බව ඔහුට වැටහි ඇත.

පසුව මෙම මුදල් පසුම්බිය කිසිවෙකුගේ නොව තමා සමඟ පස්වරුවේ ගමන් කළ විදේශිකයාගේ විය යුතු යැයි සැක සිතූ ඔහු මේ බව දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍යවේදීකුට ද දැනුම් දී විදේශිකයා රැදී සිටි ලැගුම්හලට පිටව ගියහ.

ඒ යන විටත් ලැගුම්හලේ ද ගේට්ටු වසා දමා තිබු අතැ සංචාරක ලැගුම්හලේ අයිතිකරුට කතාකොට විදේශිකයා ලැගුම් ගෙන සිටින කාමරයට ගොස් ඔහුට කතා කර මුදල් පසුම්බිය සුනිල් ශාන්ත මහතා පෙන්වීය.

එ වන විටද තම මුදල් පසුම්බිය නොමැති බව ඔහු නොදැන සිටි අතර දැඩි විමතියට පත්වූ ඉතාලි ජාතිකයා ත්‍රිරෝද රථ රියදුරු සුනිල් ශාන්ත මහතාට සිය ස්තුතිය කෘතඥතාවය පළ කළේය.

ලුකස් නම් වූ මෙම ඉතාලි ජාතිකයා කියා තමා සතුව තිබු සම්පුර්ණ මුදල තිබුණු බව පරික්ෂා කිරීමෙන් සහතික කර ඇති අතර තමා මෙදින කොළඹට පැමිණ මුදලක් ලංකා මුදල් කරගෙන එම මුදල වියදම් කළ ද තමන් එරටින් රැගෙන ආ මුදල් මාරු නොකොට ළඟ තබාගෙන සිටි බව කිවේය.

මෙම මුදල් අහිමි වූයේ නම් තමාගේ නිවාඩුව සිහිනයක් වන බව හෙතෙම සුනිල් ශාන්ත මහතා වැළඳගනිමින් කීවේය.

මෙම සංචාරක නිවාඩු නිකේතන හිමිකරු ද කියා සිටියේ ත්‍රිරෝද රථ රියදුරෙකු සිදුකළ මෙම සේවාව අගය කළ යුතු බවය.

සුනිල් ශාන්ත මහතා කියා සිටියේ විදේශිකයන් නොමැතිව සංචාරක ක්ෂේත්‍රය කඩා වැටී තිබෙන අවස්ථාවක අපේ රටේ හොඳ මිනිසුන් සිටින බව ලෝකයට දැනුම් දීමට හැකි සෑම මොහොතක්ම ප්‍රයෝජනයට ගත යුතු බවයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්