31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව තාක්ෂණික ලාංකික පිය පුතු දෙපල ගුවන් යානයක් පදවාගෙන මව්බිමට

ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මව්බිමට පැමිණීම ඊයේ(24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදු විය.

උදිත දන්වත්ත, මෙම ආදරණීය පියා ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත්, ඔහුගේ ආදරණීය එකම පුත් කවීෂ දන්වත්ත සහායක නියමුවා ලෙසත් කටයුතු කරමින්, මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය පදවාගෙන ඊයේ රාත්‍රී 9.45ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

ඔවුන් දෙදෙනා පිළිගැනීමට උදිතගේ ආදරණීය බිරිඳ මෙන්ම, කවීෂගේ ආදරණීය මව ද ගුවන් තොටුපළ වෙත මල් මිටක් ද රැගෙන පැමිණ සිටියාය.

මෙහිදී ඔවුන් පදවාගෙන පැමිණි ගුවන් යානයෙන් බැසගත් මෙම පිය පුතු ගුවන් නියමුවන් දෙදෙනා , ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලට පැමිණ, එහි සිටි මාධ්‍යවේදීන් වෙත සිය අදහස් මෙසේ දැක්වීය.

එහිදී උදිත දන්වත්ත මහතා මෙසේ පැවසීය.

“මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂී එකක්. මම මගේ පුතාත් එක්ක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එයා ඒෂියා ගුවන් යානය පදවාගෙන පැමිණියා. එහිදී මගේ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මගේ ආදරණීය එකම පුතා, කවීෂ දන්වත්ත.

මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක් .

මෙහිදී අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත. මේක මගේ කුඩා කාළයේ පටන්ම පැවති සිහිනයක්. මට අවුරුදු 22 කට පසුව ඒ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් උනා. ඉතිං මට මේ තත්වයට එන්නට උදව් කළ මගේ ආදරණීය දෙමාපියන්ට, ගුරුවරුන්ට මේ අවස්ථාවේ මම ස්තුතිය පුද කරනවා.“

මෙම පිය පුතු දෙපළ විසින් පදවාගෙන පැමිණි එයා ඒෂියා ගුවන් යානය යළිත් රාත්‍රී 10.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව ගියහ.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්