ගෝඨාට රාජ යෝග නැති නිසා ඇතින්නියන් 7ක් බිලිදී ඇත් දළ 7ක් පූජා කරයි

<a href='https://www.slstory.com/?p=50404'>ගෝඨාට රාජ යෝග නැති නිසා ඇතින්නියන් 7ක් බිලිදී ඇත් දළ 7ක් පූජා කරයි</a>

ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ යෝග නොමැති නිසා ජනාධිපති වීමට නම් ඇතින්නියන් 7 දෙනෙකු බිලි දිය යුතු බවට දිව්‍යමය බලයෙන් කටයුතු කරන ඉන්දියානු ජ්‍යෝතිර්වේදියෙකු සඳහන් කර ඇත.

ඒ අනුව හබරණ හිරිවඩුන්න තුම්භිකුලම් රක්ෂිත ප්‍රදේශයට වැදුණු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහචරයන් විසන් ඇතින්නියන් සත් දෙනෙකු ඝාතනය කර තිබේ.

මෙලෙස ඔවුන් සමූහ ඝාතනය කළ සියලුම ඇතින්නියන් තරුණ වයසේ පසුවන පැටවුන් සිටින කිරි එරුණු ඇතින්නියන් බව ද මේ වනවිට අනාවරණය වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ‘මිනිස්සු හරක් මරා මස් කනව නම් මම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න ඇතින්නියෝ 7ක් මරන එකේ ඇති වැරැද්ද මොකද්ද?’ යනුවෙනි.

කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට රාජ යෝගයක් නොමැති වීමේ ගැටලුව විසඳා ගැනීමට ඇතින්නියන් බිලි දීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඉදිරියේදී ඉන්දියාවට ගොස් ඇත් දළ 7ක් පූජා කිරීමද සිදු කළ යුතු බවට නිර්දේශ කර ඇත.

ඒ අනුව ජනාධිපතිවරනයට පෙර ගෝඨාභය මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වනු ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ප.ලි.

ජනතාව මොන තරම් අන්ධ භක්තියකින් දේශපාලකයන් පසුපස යන්නේද යන්න මෙම පුවතට ඇති කොමන්ටු වලින් හොඳින්ම පැහැදිළිය. මහත්වරුණි, නෝනාවරුණි, මේ පුවතේ හෝ සිරස්තලයේ ඇතින්නියන්ට දළ තිබෙන බවක් සඳහන් කර තිබෙන්නේ කොහෙද?