31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව විදෙස් ගොසිප් ලෝක ඉතිහාසයේ වැඩිම මිලට වෙන්දේසි වූ ඩාවින්චිගේ චිත්‍රය - වීඩියෝ

ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලදැයි සැලකෙන වසර 500 ක් පැරණි, ක්‍රිස්තුස් වහන්සේගේ රුව සහිත චිත්‍රයක් නිව්යෝක් නගරයේ පැවති වෙන්දේසියකදී ඩොලර් මිලියන 400 කට අලෙවි වූ අතර මිලදී ගැනීමේ වියදම් සමඟ ගෙවීමට සිදුවූ මුළු මුදල ඩොලර් මිලියන 450.3 ක් වුණා.

ලතින් භාෂාවෙන් “සැල්වතෝර් මුන්ඩි” නම් වන මේ චිත්‍රයේ සිංහල අදහස ‘ලෝකයේ ගැලවුම්කරුවා’ යන්නයි.

ඕනෑම කළා නිර්මාණයක් ලෝක ඉතිහාසය තුළ වෙන්දේසි වූ ඉහලම මිල වශයෙන් මෙය සලකනවා. එහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් වලින් බිලියන 69.1 කි.

1452 දී උපත ලැබූ ලියනාඩෝ ඩාවින්චි 1519 දී මියගිය අතර ඔහුගේ නිර්මාණ අතරින් දැනට ඉතිරිව ඇත්තේ 20කට අඩු සංඛ්‍යාවකි.

නිර්මාණය මිලදීගත්තේ ක්‍රිස්ටීස් නම් සමාගමේ පාරිභෝගිකයෙකු වන අතර අයිතිකරු වෙනුවෙන් නිර්මාණය මිලදී ගැනීමට වෙන්දේසියට පැමිණියේ එම සමාගමේ සම-ප්‍රධානී ඇලෙක්ස් රොටර් මහතායි.

නියම ගැනුම්කරුගේ නම විමසූ විට, සමාගම සම්ප්‍රදායක් වශයෙන් ගැනුම්කරුගේ නම හෙළි නොකරන බව ඔහු මාධ්‍යවේදීන්ට දන්වා සිටියා. එම වෙන්දේසියේ වීඩියෝව පහතින් නරඹන්න.

 

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්