29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව උණුසුම් පුවත් නොහොබිනා ලෙස ස්පර්ශ කළ බවට ජෝජ් H.W. බුෂ්ට කාන්තාවන් 8කගෙන් චෝදනා

1989 සිට 1993 දක්වා ඇමරිකාවේ ජනාධිපති ධූරය දැරූ ජෝජ් හර්බට් වෝකර් බුෂ් (ජෝජ් H.W. බුෂ්) තමන්ව විවිධ අවස්ථාවල අයුතු ලෙස ස්පර්ශ කළ බව කියමින් කාන්තාවන් 8 දෙනෙක් ඉදිරිපත් වී තිබේ.

ඒ අතරින් නම ප්‍රසිද්ධ නොකර BBC සේවයට අදහස් දැක්වූ භාෂා පරිවර්තකවරියක් සඳහන් කළ පරිදි, 2004 වර්ෂයේ ජෝජ් H.W. බුෂ් ස්පාඤ්ඤයේ දඩයම් කරමින් සිටින අවස්ථාවක ඔහු හමුවීමට එවකට ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යවරයා වූ ජෝෂ් බෝසෝ මාටිනස් පැමිණි තිබේ.

එහිදී චායාරූප ගන්නා අවස්ථාවේ පරිවර්තකවරිය ලෙස කටයුතු කළ ඇයටද එයට පෙනී සිටින ලෙස පවසමින් ඔහු අගේ තට්ටම ප්‍රදේශය තරමක් තදින් ස්පර්ශ කරමින් දෙවරක්ම ඇයව ලඟට ගත්  බව ඇය පවසයි. පළමුවර එය අත්වැරදීමක් ලෙස සිතුවද දෙවෙනි වරටත් එසේ කිරීම නිසා ඇය කෝපයට පත්වූ බවත් එම අවස්ථාවේ එය කීමට තරම් හැකියාවක් නොතිබූ බවත් ඇය පැවසුවාය.

රොස්ලින් කොරිගන් නම් කාන්තාවක් ඇතුළු තවත් කාන්තාවන් 7 දෙනෙක්ම තමනුත් ජෝජ් H.W. බුෂ් අතින් මෙවැනිම ආකාරයේ නොමනා ස්පර්ශයන්ට ලක්වූ බව පවසමින් මාධ්‍ය ඉදිරියට පැමිණ තොරතුරු හෙළිකර ඇත.

ජෝජ් H.W. බුෂ්ට එරෙහිව ඔහුගේ අතින් නොමනා ස්පර්ශයන්ට ලක්වූ කියමින් කාන්තාවන් ඉදිරිපත් වීමට පටන් ගත්තේ මීට සති කිහිපයකට පෙර හොලිවුඩ් නිලි හීදර් ලින්ඩ් කල හෙලිකිරීමකින් අනතුරුවයි. ඇය පවසා සිටියේ 2014 වර්ෂයේදී චායාරූපයක් ගන්න අවස්තාවක ඔහු ඇයට කුණුහරප විහිළුවක් කරමින් හා ඇගේ පිටුපස ස්පර්ශ කරමින් ඇයව ලඟට ගත් බවයි.

කෙසේ වෙතත් සඳුදා දින බුෂ්ගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ “ඔහු තුළ ඒ අවස්ථාවන්හි කිසිවෙකුට හානියක් කිරීමේ හෝ පීඩාවට පත් කිරීමේ හෝ අරමුණක් නොතිබූ බවත් එම චායාරූප ගන්නා අවස්ථාවල කාගේ හෝ සිත් රිදීමක් සිදුවුවා නම් සමාවන ලෙසත්ය”.

ජෝජ් H.W. බුෂ් යනු 2001 සිට 2009 දක්වා ඇමරිකාව පාලනය කල ජෝජ් W. බුෂ්ගේ පියාය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්