31 C
Colombo
Wednesday, September 30, 2020
මුල් පිටුව තාක්ෂණික පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගන්න අලුත් රොබෝවෙක් කටුනායකට

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ පළමුවරට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල ඒකකය විසින් මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා රොබෝ යන්ත්‍ර 2ක් අද දින සිට යොදාගනු ලබයි.

කටුනායක, ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ මෙම නව සෝදිසි කිරීමේ රොබෝ යන්ත්‍ 2ක් සවි කර තිබේ.

“robot inspection dog” ලෙසින් හඳුන්වන මෙම රොබෝ යන්ත්‍ර චීන මහජන සමුහාණ්ඩුවෙන් ශ්‍රී ලංකා පොලීසිය වෙත පරිත්‍යාග කර ඇත.

මෙම උපකරණ මඟින් ගුවන්තොටුපල මගීන් හා ගමන් මළු පරීක්ෂාවට ලක් කරන අතර පුපුරණ ද්‍රව්‍ය හා සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීමේ හැකියාවක් මෙම යන්ත්‍ර 2 සතුව පවතින බව අප වාර්තාකරු සඳහන් කළේය.

මෙම එක් රොබෝ යන්ත්‍රයක වටිනාකම රුපියල් කෝටි 8 හමාරක් වන අතර මෙවැනි උපකරණ 3ක් ශ්‍රී ලංකාවට චීනයෙන් පරිත්‍යාග කර ඇත.

එයින් උපකරණ 2ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපල ඒකකය විසින් ගුවන්තොටුපලේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්තයේ ප්‍රවේශ ශාලාව තුළ සවි කර ඇත.

මෙම උපකරණ එහා මෙහා ගමන් කරමින් සෝදිසි කිරීම් සිදු කරන බව වාර්තා වෙයි.

අද සිට පැය 24 පුරාම මෙම නව උපකරණ ද්විත්වය ක්‍රියාකාරී වන බව වාර්තා වෙයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

වෛද්‍යවරුන්ට ගුවනින් යන්න ජෙට් ඇඳුමක්

අසනීප වූ පුද්ගලයෙක්ට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා, වෛද්‍යවරයාට අසනීපවූ පුද්ගලයා වෙත ගුවනින් යා හැකි “ජෙට් ඇඳුමක්”, එංගලන්තයේ “ග්‍රේට් නොර්ත් ගිලන්රථ සේවය” විසින්...

වෙබ් මාධ්‍යවේදියාට ඇප

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස්  ඇප...

ජනතාවගේ පරමාධිපත්‍ය බලය පුද්ගලයෙක් වටා එක්වෙනවට අපි විරුද්ධයි

ජනතාව විසින් ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නොවන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා...

පොල් ගසා මහාධිකරණ දොරටුව අසල අළු ඉසී

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් කොළඹ මහාධිකරණයට පිවිසෙන දොරටුව අසල ඊයේ (29 වැනිදා) අළු ඉසීමක් සිදුකර තිබේ. එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට...

පාඨක අදහස්