32 C
Colombo
Thursday, February 20, 2020
මුල් පිටුව ගොසිප් මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිනමා පටයකට නැගේ

මේ චිත්‍රපටයේදී ආගම්වාදී විලාප, මැසිවිලි හෝ චෝදනා නොනැගේ. ආගම්වාදී දර්ශන වර නොනැගේ. නමුත් කැඩුණු රුසියන් බසින් මෙබඳු වාක්‍යයක් කියනු ඇසේ. ‘

‘ආගම තමයි අපිව මේ තැනට ගත්තෙ..‘‘ – “Religion is what got us here!”

AK 47 රයිෆලවලින් සන්නද්ධ වූ 6 දෙනෙක් විසින් මුම්බාය පමණක් නොව මුළු ලෝකයම ත්‍රාසද්ග්‍රහණයට නතු කළ මෙම සිදුවීම පාදක කරගත් මෙම චිත්‍රපටය 2020 මාර්තු මාසයේ තිරගත වීමට නියමිත අතර මේ වන විටත් විචාරකයන්ගේ පැසසුම් රැසක් ලබා තිබේ. එහි කෙටි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට එළිදැක තිබේ.

මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ ඔස්කාර් සම්මාන දිනූ ‘ජයි හෝ‘ චිත්‍රපටයෙන් අපට මුණ ගැසුණු දේව් පටෙල් ය. ඔහු ටජ්මහල් පැලස් හෝටලයේ සූපවේදියෙකු වන අතර, සුපිරි නළු අනූපම් ඛර් එහි ප්‍රධාන සූපවේදියා ලෙස රංගනයෙන් එක් වෙයි. එදින රාත්‍රී සේවා මුරයට එක් වන අර්ජුන් (දේව් පටෙල්) සහ හෝලටයට පැමිණෙන අති විශේෂ ආරාධිතයන් වන සාරා (Nazanin Boniadi) සහ ඩේවිඩ් (Call Me By Your Name චිත්‍රපටයෙන් ප්‍රකට වූ Armie Hammer) කේන්ද්‍රකරගෙන කතාව දිග හැරේ.

සාමාන්‍ය මිනිසුන් වීරයන් බවට පත් වන අයුරු, මිනිස් වැරදීම්, ත්‍රස්තවාදීන්ගේ ලේ පිපාසය, ලේ නහර හිරි වට්ටන ත්‍රාසය සහ භීතිය යනාදී බොලිවුඩ් චිත්‍රපටයකට අවශ්‍ය සියලු වට්ටෝරු අතරේ හොටෙල් මුම්බායි චිත්‍රපටය පරීක්ෂාකාරී පර්යේෂණයකින් පසු නිපදවූවකි. බොහෝ දෙනා දැන සිටින සත්‍ය සිදුවීමක් චිත්‍රපටයට නැගීම අභියෝගයකි. ඒ අතරම ත්‍රස්තවාදීන්ගේ පවා මානුෂීය තාත්විකත්වය මෙමගින් පිළිබිඹු කරයි. එය බොහෝ චිත්‍රපටකරුවන් නිර්භීත නොවන කාරණයකි. තුවාල වී මරණය අබියස සිටින එක් ත්‍රස්තවාදියෙකු සිය පියාට දුරකථනයෙන් අමතන්නේ තමන් ඔහුට කොතරම් ආදරේදැයි පැවසීමට ය. තවද තමන්ට මේ ජීවිත පූජාව වෙනුවෙන් ලැබිය යුතුව තිබූ මුදල ලැබුණේදැයි ඔහු පියාගෙන් විමසයි. එවිට ඔහු දැනගන්නේ තමන්ව මෙහෙයවූ මහමොළකරුවන් විසින් වංචා කර ඇති ආකාරය ය.

මුම්බායි නුවර පිහිටා ඇති ටජ්මහල් හෝටලය එදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූයේ පාකිස්ථානය පාදක කරගෙන ක්‍රියාත්මක ලාක්ෂා-ඊ-තලෙයිබාන් ත්‍රස්තවාදීන් විසින් බව අනාවරණය වී තිබේ. එය ඉන්දු -පාකිස්ථාන විරසකය මෙන්ම ඉස්ලාම්-හින්දු ආගම් යුද්ධයේ ද පැතිකඩක් විය. නමුත් මේ චිත්‍රපටයේදී ආගම්වාදී විලාප, මැසිවිලි හෝ චෝදනා නොනැගේ. ආගම්වාදී දර්ශන වර නොනැගේ. නමුත් කැඩුණු රුසියන් බසින් මෙබඳු වාක්‍යයක් කියනු ඇසේ. ‘

‘ආගම තමයි අපිව මේ තැනට ගත්තෙ..‘‘ – “Religion is what got us here!”

විචාරකයෝ මෙසේ කියති. ‘මෙය කළු – සුදු ප්‍රචාරණවාදී චිත්‍රපටයක් නොව නිවැරදි චිත්‍රපටයකි.‘‘

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ජිනීවා යෝජනාවෙන් ඉවත් වූ බව පැවසීම දේශපාලන වාසි ගන්න කරන ව්‍යාජ ප්‍රචාරයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කෙරුණු යෝජනාවකින් ඉවත් වීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් එසේ ඉවත් වන බවට ඔවුන් කරන...

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා සංචිතයෙන් දනුෂ්ක ඉවතට.. තිසර ඇතුළට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය ඊයේ...

යකඩ පොලු වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ 6කට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයක් සිදු කොට තවත් අයෙකුට තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පවරා තිබු නඩුව සම්බන්ධයෙන් දකුණු පළාත් බද පූර්වගාමි...

‘ආතල්’ ගන්න ගිය හමුදා ලොක්කාගේ පුතා අධිතාක්‍ෂණික නෞකාව හප්පා විනාශ කරයි

ත්‍රිකුණාමලය වරායට පිවිසෙන නෞකාවලට මග පෙන්වීම සදහා නියෝජ්‍ය වරාය යාත්‍රාපති (Deputy Harbour Master) පරිහරණය සදහා තිබු නියමු යාත්‍රාව (Pilot Boat) යාත්‍රා පදවන්නා...

පාඨක අදහස්