29 C
Colombo
Tuesday, January 21, 2020
මුල් පිටුව උණුසුම් පුවත් ගෝඨාට කඩේ ගියත් මට කිසිම අවධානයක් නෑ.. අජිත් ප්‍රසන්න නව ජනපතිගේ අවධානය...

“මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර්, නීතීඥ අජිත් ප්‍රසන්න මහතා කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

පැහැරගැනීමට ලක්වූ බව කියන එම තානාපති කාර්යාලයේ සේවිකාවට, තමන් මුහුණ පෑ සිදුවීම පිළිබඳ පොලිස් මූලස්ථානයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලමිනුයි අජිත් ප්‍රසන්න මහතා මෙලෙස උපවාසයේ නිරත වන්නේ.

මෙම පැහැරගැනීමට අජිත් ප්‍රසන්න ඇතුළු ගෝඨාභයට රාජපක්ෂ මහතාගේ අපරාධ යටගැසීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් සියලු දෙනා සම්බන්ධ බව නොරහසකි.

අජිත් ප්‍රසන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ සැනින් ගෝඨාගේ අපරාධ සුද්ධ කිරීමේ කර්තව්‍යයට අත තැබුවේය. ඒ නව ජනපතිගෙන් ඉහළ සැලකුම් ලැබීමේ පරම පිවිතුරු චේතනාවෙනි. එහෙත් ඔහු කෙරෙහි යොමු වූ අවධානය අඩු වූ නිසා අද ඔහු ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිටට ගොස් නොකා නොබී සිටීමට තීරණය කර ඇත.

අවධානය අඩුකම හා අඩු සැලකිලි ලැබීම නිසා අජිත් ප්‍රසන්න මහතාට කිසියම් මානසික රෝගී තත්වයක් වැළදී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

රන්ජන් බන්ධනාගාරයෙන් පාර්ලිමේන්තුවට

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා...

ගිනස් වාර්තාවකට කොළඹ ආ පුංචි නිවුන්නු 4ක් අනතුරක

කොස්ගොඩ, ඉඳුරුව, හබක්කල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් හත් දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ. ඊයේ(20) සවස මෙම අනතුර...

ඉස්ලාම් ආගමට අපහාස කළ ලාංකීකයින් තිදෙනෙකුට දඬුවම්

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබේ.

අසාම් BBC සේවයෙන් ඉවතට

බී.බී.සී. සිංහල සේවයේ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරු අසාම් අමීන් මහතා එම ආයතනයෙන් ඉවත්ව තිබේ. පසුගිය ජනවාරි මස 1 වන දා...

පාඨක අදහස්