29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව තාක්ෂණික ජපුර සිසුන් හැදු හැරී පෝටර්ගේ තොප්පියට පළමු තැන

සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන , හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat ) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ , පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර , ඒ සඳහා පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී විය.

ඒ.සී. ගම්මන්පිල , ඒ.පී.විජේසිංහ , ටී.එන්.වන්නිආරච්චි , ඊ.එම්.වී.එන්.අමාජීව , ඩී.වයි.ජයසිංහ සහ පී.රවීන්ද්‍ර එස්.ද .සිල්වා එම සිසුන් පිරිසයි.

මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන් .

“මෙම තොප්පිය සම්පූර්ණයෙන්ම පරිගණක ඇසුරින් ක්‍රියාත්මක වෙනවා .

මෙම තොප්පිය පැලඳ සිටින අයෙකු අසලට කවුරු හෝ පුද්ගලයකු පැමිණියහොත් , ඒ බව මෙම තොප්පිය පැලඳ සිටින පුද්ගලයාට , තොප්පිය තුල සවි කර ඇති සංවේදක මගින් දැනුම් දෙනවා.

ඊට අමතරව “ඔටිසම්” රෝගය වැළඳිය ඇති දරුවන් නිතරම සමාජශීලී නැහැ . ඔවුන් අනෙක් දරුවන් සමග කතා කිරීමට භයයි.අකමැතියි .

එම දරුවන්ට මෙම “ඔටිසම්” රෝගී තත්ත්වය වැළඳී ඇත්ද , නැද්ද යන්න මුලින්ම අනාවරණය කරගැනීමට මෙම තොප්පිය සමත් වෙනවා .

එම රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් , මෙම තොප්පිය පැළඳීමෙන් , ඔවුන්ගේ මොළයේ නියුරෝන වෙත යොමු කෙරෙන උත්තේජන මගින් අනෙක් දරුවන් සමඟ සාමාන්‍ය පරිදි සතුටින් ගත කිරීමට මෙහි ඇති පරිගණක ක්‍රියාකාරීත්වය උපකාර කරනවා.”

මෙම xi ජාත්‍යන්තර රොබෝටික් තරගාවලිය ඉකුත් නොවැම්බර් මස 26 දා සිට 29 දා තෙක් යුරෝපයේ ආසියාවේ සහ ඇමරිකාවේ පිළිගත් විශ්වවිද්‍යාල නියෝජනය කරමින් පැමිණි සිසුන් පිරිස් සහභාගීත්වයෙන් ස්පාඤ්ඤයේ , මැඩ්රීඩ් නුවර පැවති අතර , එම සියලුම සිසුන් ඉදිරිපත් කර නිර්මාණ පරදවා මෙම ශ්‍රී ලාංකික සිසුන් ඉදිරිපත් කළ මෙම හැරී පෝටර් තොප්පිය , මෙම ජයග්‍රහණය දිනාගෙන තිබුණි .

මෙම සිසුන් පිරිස මෙම ජයග්‍රහණය ද රැගෙන , ඊයේ (01) දින රාත්‍රි 8.40 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර , ඔවුන් පිළිගැනීමට එම සිසුන්ගේ දෙමාපියන් , එම විශ්වවිද්‍යාලයේ සහෝදර සිසුන් මෙන්ම ,එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයේ කථිකාචාර්ය වරුන් ද ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ජපුර සිසුන් හැදු හැරී පෝටර්ගේ තොප්පියට පළමු තැන

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්