31 C
Colombo
Sunday, July 12, 2020
මුල් පිටුව උණුසුම් පුවත් "උපවාසය කරේ MCC ගිවිසුම අධ්‍යනය කරල නෙවෙයි"- උඩුදුම්බර කාශ්‍යප හිමි

මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම 2019 ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් බවට පත්වී තිබිණි.

ජනාධිපතිවරණයට පෙර එම ගිවිසුමට අනිවාර්යයෙන්ම අත්සන් තබන බවට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අවධාරණය කළ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කළේ, එය “ඇමෙරිකානු මර උගුලක්” වන අතර ඒ හරහා ඇමෙරිකාවට ශ්‍රී ලංකාවේ ඉඩම් “කුණු කොල්ලයට” විකිණෙන බවටය.

ඊට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් මාරාන්තික උපවාසයක් ද ආරම්භ කළ අතර, එම ගිවිසුම් අධ්‍යයනය කිරීමකින් තොරව අත්සන් නොකරන බවට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා වූ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස පොරොන්දු වීමෙන් අනතුරුව එම උපවාසය අත් හරින ලදි.

කෙසේ නමුත් දැන් ඒ පිළිබඳව උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ දරන මතයද වෙනස් වී තිබේ. දැන් උන්වහන්සේ පවසන්නේ මෙවැන්නකි,

“ඒ ගිවිසුම අත්සන් කළොත් ඇති වන බලපෑම් ගැන අධ්‍යයනය කරන්න ඒ අවස්ථාවේ කාලයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ රට වෙනුවෙන් කළ යුතු හොඳම දේ තමයි මම කළේ. මට දේශපාලන පක්ෂයක් නැති නිසා මට ඒකේ දිගටම රැඳිලා ඉන්න වෙලාවක් නෑ. ඒ නිසා මගේ යුතුකම මම කරල ඉවර කළා. ඒත් රටට අනර්ථයක් වෙනවා ද කියලා අපි විමසිල්ලෙන් ඉන්නේ,” යනුවෙනි.

17 ප්‍රතිචාර:

Leave a Reply

  1. උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක් හැසිරෙන විදියද මේ

    අපේ බුදුරජාණන් වහන්සේ අනුදැල වදාලේ කොහොමද?
    කෙනෙක් කිවු පලියට
    පරම්පරාවෙන් ආපලියට
    පොතක පතක තිබුන පලියට පිලිගන්නට එපාය කියාය. එසේනම් ඔබ වහන්සේ ගිවිසුම ගැන කිසිත් නොදැන කිසිම අධ්‍යානයක් නොකර මොන පදනමකින්ද උපවාසකලේ

    • …බුද්දිමත් කියන නිර්නායකය මොකක්ද?
      ….එතුමා ඉංජිනේරැ උපාදියයට ඉගෙන ගන්න කාලෙත් ඔය වගෙයි.
      ….අධ්‍යනය නොකර විභාගයට ගිහින් විභාගය අසමත් වෙනවා. සමකාලින්ට වසර 4 කටත් පසුව උපාදිය සමත් වි් නැත.
      ..

  2. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ…,
    මෙහි මා ගෞරවයෙන් සඳහන් කරන්නේ..ඔබවහන්සේ උපවාසයක් කරනවා කියලා දැනගත්තහම මසිතේ හටගත් කණගාටුව මිණිය නොහැකියි….උපේක්ෂාව පරයමින් උඩට නැගුණු වේදනාව මෙතෙකැයි කිව නොහැකියි….උතුම් මනුෂ්‍යත්වය උත්තරීතර වූයේ අරහත් ධජය පෙරවූ හේතුවෙන්….අපි ඒ උත්තරීතර භාවය දිවි හිමියෙන් රැක ගනිමු…..

  3. Near enough 69 Lakhs of people in this country are gullible and the SLPP made use of this fact along with the MCC document to turn the tables. This is not the first time it has happened to this country by people believing in Nasty characters like Weerawansas, Gamanpilles, G L Peiris, Dinesh G, Bandula Gunawardena, Ratharan, Dalas A and so on… Based on these people this country has been sent on the wrong suicidal track.

  4. Mr Ududumbara Kasapa … oya MCC agreement study karanna esarawela Buddhu Dahama Adiyanaya karanna. Ethakota Buddhu Hamuduruwo Kivue mokakda kiyala watahai …. In short what he said was this world is beyond our control … so don’t mess about get the hell out of it …. Attain NIBBANA… Mr Udumbara please tell your colleagues also about it and don’t look for sympathy now … you have done an Anathari Papa Karamayak so get ready to go to hell …. NIRAYA…Avichiya … for Sangaha Beddha … you went against Buddha’s word trying to bailout this world ….

  5. හාමුදුරුවෝ මුලින්ම බුදුන්වහන්⁣සේගෙ ධර්මය හොඳින් අධ්‍යයනය කල යුතුයි..සිවුරක් දරාගත් පමනින් ආර්යය ස්වාමීන්වහන්සේ කෙනෙකු නොවන බවත්,ඇස් පියාගත් ගැනීම පමනක් භාවනාවක් නොවන බවත් තේරුම් ගන්නේ නම් හොඳයි..
    Mcc උපවාසයෙන් පසු මෛත්‍රීගෙන් සින්නක්කරම ලැබුනු භාවනා මධ්‍යස්ථානය අපේ රට තුල නිවැරදි ආර්යය ධර්මය ප්‍රචලිත කිරීමට භාවිතා කරන මෙන් ඉල්ලමි..

  6. මොකක්ද හාමුදුරුවො කල වරද.ගිවිසුම අත්සන් කරන එක නතර වුනා.ජන්ද අස්සෙ කාටවත් හරියට අධ්‍යයනය කරන්න වෙලාව නැහැ.දැන් හොයල බලල අත්සන් කරන්න පුලුවන්.එ්ක නතර කල එක වරදක්ද.

  7. අවසරයි අපේ හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ශාසනයට ආදරෙයි නං දැං ම සිවුරු හැරල යන්න. සිවුරු දාගෙන නොදන්නා මගුල් කරන්නේ නැතිව අපට දැං ඔබ වහන්සේ ලා වැනි අය නිසා පන්සල් යාමත් අප්පිරිය වෙලා සල්ලි ඕන නං ඔයිට වඩා ලස්සණ රස්සාව ළ් තියෙනව සිවුරු හැරල එන්න. මේව ශාසනික අපරාධ

  8. අර තිස්ස කියන ටියුසන් කාරයත් ඔය MCC ගිවිසුමේ පල විපාක ගැන කීව ඉතින් එයත් හාමුදුරුවෝ සමග ඒ ගැන කතා කලබවක් කීවා.එහෙමනම් එම ගිවිසුම ගැන අවබෝධයක් තියෙන්න ඇතිනෙ.දැන් ඔය කවුරුත් බයිල ගැහුවෙ ඇයි කියල රටට අවබෝධයක් තියනවා.

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

ඇට්ටර ට්‍රම්ප් පළමු වරට මුව ආවරණ පළඳියි

Covid 19 වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ. ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක්...

“මෙය පාලනය කළ හැකියි”- අනිල් ජාසිංහ

Covid 19 හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වයද පාලනය කළ හැකි මට්ටමක පවතින බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ...

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ටත් කොරෝනා

සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් හට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා වේ. ඒ මහතාගේ නිල ට්විටර් වෙබ් අඩවියේ මීට නිකුත් කල...

“මාධ්‍යවේදියාට හිරිහැර කළේ පෙනුම හරි නැති නිසා”- නියෝමාල් රංගජීව

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රය තුළදී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීම, ඔහුට හිරිහැර කිරීම සම්බන්ධයෙන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව...

පාඨක අදහස්