31 C
Colombo
Thursday, May 28, 2020
මුල් පිටුව දේශපාලන රනිල් හා සජිත් මුහුණට මුහුණ හමු නොවුණොත් අර්බුද රැසක්

පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටළු කඩිනමින් නිරාකරණය කර ගැනීම සදහා පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා වහාම මුහුණට මුහුණ හමුවී සාකච්ජා කළ යුතු බව එක්සත් ජාතික පක්‍ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිල කාලය අවසන් වන මේ මාසයේ 31 වැනිදාට පෙර පක්‍ෂයේ අර්බුදය විසඳා ගත නොහැකි වුවහොත් පක්‍ෂය දැඩි අනතුරකට පත්වීමේ අවධානමක් පවතින බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

පසුගිය ජනාධිපතිවරණ පරාජය කිසිවෙකු විසින් අවතක්සේරු නොකළ යුතු යැයිද එක්සත් ජාතික පක්‍ෂයට ජන්ද ලක්‍ෂ පනස් පහක් ලැබී ඇති බැවින් එම පදනම මත ශක්තිමත්ව ඉදිරි මහමැතිවරණයට මුහුණදීම සදහා පක්‍ෂයේ සියළු දෙනා එක මතයකට පැමිණිය යුතු බව හෙතෙම කියා සිටියි.

පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්‍ෂ පිල පරාජය කිරීම සදහා ජන්ද දුන් පනස් පන් ලක්‍ෂයක් වු ජනතාවට සාධාරණයක් ඉටු කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

ජනාධිතිවරණයෙන් ජය ගත් පමණින් මහ මැතිවරණයෙන් ජයගත හැකි යැයි කිසිසේත් විශ්වාස කළ නොහැකි අතර එම විරුද්ධ මතයේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාව සිටින බවද තිස්ස අත්තනායක මහතා පවසයි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

තොණ්ඩමන්ගේ දේහය අද පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත, ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද (28) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒමට...

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එජාප මහ ලේකම්ට අයිතියක් නැහැ

පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට හෝ තනතුරුවලින් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාට අයිතියක් හෝ බලයක් නොමැති බව සමඟි ජනබලවේගයේ මහ ලේකම්...

කුවේට්හි අසරණව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සජිත් මැදිහත් වෙයි

සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ කුවේට් තානාපති Khalaf Bu Dhhair මහතා අතර විශේෂ හමුවක් සහ සාකච්ඡාවක් ඊයේ...

සහල් මිල වැඩිකිරීම ගැන ඩඩ්ලි රාජපක්ෂ පවුලට විශේෂ ස්තූති කරයි

සහල් මිල වැඩිකිරීමට එකඟතාවය ලබාදීම සම්බන්ධයෙන් අරලිය සහල් ව්‍යාපාරයේ හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට, කෘෂිකර්ම...

පාඨක අදහස්