31 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක කුලී රථ 04ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂක රථ 04ක් කුලී පදනම මත ගැනීමට ක්‍රිකට් විධායක කමිටුවට යෝජනාවක් පැමිණ ඇතැයි එහි සාමාජිකයෙක් පවසයි.

ක්‍රිකට් විධායක කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන එයාර් මාෂල් රොෂාන් ගුණතිලක මහතා කළ ඉල්ලීමක් අනුව ප්‍රධාන විධායක නිලධාරීවරයා විසිනි.

ඒ අනුව ක්‍රිකට් ක්‍රීඩකයන්ට වැඩි ආරක්ෂාවක් ලබාදීම සඳහා ඉදිරියේදී මෙම විශේෂ ආරක්ෂක කුලී රථ 04 ලබාගැනීමට නියමිතය.

මේ වනවිට ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර ඇත්තේ විශේෂ ආරක්ෂක කුලී රථ 04 ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමටය.

ඒ අනුව විශේෂ ආරක්ෂක කුලී රථ 04ක් සඳහා ටෙන්ඩර් පටිපාටියට අනුව මිල ගණන් කැඳවීමට මේ වනවිට ක්‍රිකට් විධායක කමිටුවේ අනුමැතිය හිමිව ඇතැයිද ක්‍රිකට් විධායක කමිටු නිලධාරියා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්