31 C
Colombo
Saturday, September 26, 2020
මුල් පිටුව දේශපාලන "තමන්ගේ පාර්ශවය විරුද්ධ නිසා MCC ගිවිසුම කුණු කූඩයට දමන්න ජනාධිපතිවරයා මෝඩ නැහැ"-...

මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරණයට පෙර තමන් ඇතුළු පාර්ශ්ව පැවසූ කරුණු මත පමණක් පදනම් වෙමින් තීන්දු තීරණ ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් හැකියාවක් නොමැති බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව එම ගිවිසුම කුණු කූඩයට දැමිය යුතුය යන ස්ථාවරයෙහි එදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිටියත් වගකිවයුතු ජනාධිපතිවරයකු ලෙස රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධ ක්‍රමානුකූල අධ්‍යනයක් සිදුකර අදාළ තීන්දු තීරණ ගැනීමේ යුතුකමක් ඔහුට පවතින බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.

“MCC ගිවිසුම පිළිබඳ ජනාධිපතිවරණ සමයේ අධ්‍යනය කළේ මේ රටේ මහා සංඝරත්නය සහ විද්වතුන් විසින්. ඔවුන් අධ්‍යනය කරලා පැවසූ දෙයක් තමයි, මෙය රටට කිසිසේත්ම සුදුසු නැති ගිවිසුමක් කියලා.

අප ඒ ස්ථාවරයේ සිටියා. ජනාධිපතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂකයා විසින් ඒ ස්ථාවරය දැරුවා මෙය කුණු කූඩයට දැමිය යුතුයි කියලා.

හැබැයි ඒ ජනාධිපති අපේක්ෂකයා අද මේ රටේ විධායක ජනාධිපතිවරයා. ඔහුට බැහැ ජනාධිපතිවරණයට පෙර පාර්ශ්ව පැවසූ දේ පමණක් සලකලා බලලා තීන්දු තීරණ ගන්න. වගකිව යුතු ජනාධිපතිවරයෙක් හැටියට ඔහුට යුතුකමක් තියෙනවා මේ පිළිබඳ ක්‍රමානුකූලව රජය පාර්ශ්වයෙන් අධ්‍යනයක් කරලා ඒ තීන්දුව ගැනීම සඳහා, තමන්ගේ පාර්ශවය පමණක් විරුද්ධ වුණා කියල ඒක කුණු කූඩයට දැමීමට තරම් මෝඩ වීමට ජනාධිපතිවරයා විදිහට ඔහුට බැහැ.” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව පැවසුවේ නොච්චියාගම ප්‍රදේශයේදී පැවති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

මෛත්‍රීගෙන් හා රනිල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සුවිශේෂී කරුණු...

සල්ලි අරන් නඩුව මගහැරිය නීතිඥයාට වසර 7ක් වැඩ තහනම්

නඩුවකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබාගෙන එම නඩුව වෙනුවෙන් පෙනී නොසිටීමේ චෝදනාවට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥ භාවය වසර හතකට...

රොහාගේ මරණය සැමරු 3ක් අත්අඩංගුවට

රත්මලානේ රොහා“ නමැත්තාගේ මරණය පිළිබඳව සැමරුම් උත්සව පැවැත්වූ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මීට ඉහත දී ඝාතනය වූ “කුඩු අංජුගේ“ සහෝදරයා...

ඉතාලියේ පාසැල් සිසුන් 10000ක් නිරෝධායනයට

ඉතාලියේ පාසැල් 400 ක කොවිඩ් ආසාධිත වාර්තා වීම් හේතුවෙන් සිසු සිසුවියන් දස දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවට තොරතුරු ලැබි...

පාඨක අදහස්