29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ක්‍රීඩා ඔලිම්පියාඩ් අවසන් මහා තරගයෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක්

ඔලිම්පියාඩ් අවසන් මහා තරගයෙන් ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක්

පසුගිය 28 සිට පෙරේදා(30) දක්වා ජපානයේ ටෝකියෝ නුවර පැවති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් අවසන් මහා තරගයේ දී ලොව සිසුන් පරදවා, එහි ලෝක ශූරතාවය සහ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික සිසුවෙකු සමත් වී තිබේ.

ඔහු බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, 11 හැවිරිදි රොහාන් ආධිත්‍ය වීරකෝන් සිසුවායි.

මෙම වසරේ තායිලන්තයේ පැවති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ දී සහ හොංකොං හි පැවති අන්තර්ජාතික ගණිත ඔලිම්පියාඩ් තරගාවලියේ දී රන් පදක්කම් දිනූ සිසුන් පමණක් මෙම ජපානයේ පැවති අවසාන මහා තරගාවලියට සහභාගී කර ගෙන තිබුණි.

මෙම තරගාවලියේ දී රන් පදක්කම් දිනූ ලොව සියලුම ගණිත ශූරයින් පරදා රොහාන් ආධිත්‍ය වීරකෝන්, එහි සමස්ථ ලෝක ශූරතාවය සහ එයට හිමි රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි .

මෙම ජයග්‍රහණයන් රැගෙන මෙම සිසුවා ඊයේ (31) පස්වරු 6.10ට ජපානයේ නරීටා සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.455 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, ඔහු පිළිගැනීමට ඔහුගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් පිරිසක් ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ .

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්