29 C
Colombo
Tuesday, February 25, 2020
මුල් පිටුව ආර්ථික පාසල්වලට තවමත් පෙළපොත් නෑ

නව වසර ආරම්භ වීමට පෙර පාසල් දරුවන්ට අවශ්‍ය සියලු පෙළපොත් ලබාදෙන බවට අධ්‍යාපන බලධාරීන් සඳහන් කළද, ඊයේ (02දා) දිනය වනවිටත් බොහෝ පාසල්වලට ලැබී තිබුණු පෙළපොත් අවශ්‍යතාවෙන් 80%ට අඩු ප්‍රමාණයක් බව ගුරු විදුහල්පති සංගම් සඳහන් කරති.

මීට අමතරව නිල ඇඳුම් වවුචර් සියලු පාසල් වෙත ලබාදෙන බවට පොරොන්දු වී තිබුණද, බස්නාහිර පළාතේ බොහෝ පාසල්වලට නිල ඇඳුම් වවුචර් ඊයේ (02දා) දිනය වනවිටත් ලැබී නොතිබූ බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.

පාසල් ආරම්භක දිනයේදීම පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කරන බවට අධ්‍යාපන බලධාරීන් පොරොන්දු වී තිබුණද, එම කටයුතු සිදුනොවූ බවත්, බොහෝ පාසල්වලට පෙළපොත් අවශ්‍යතාවක් තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි.

මේ නිසා ගුරුවරුන් විදුහල්පතිවරුන් අපහසුතාවන්ට පත්වූ බවත්, දරුවන්ට අසාධාරණයක් සිදු වූ බවත් එම සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා පැවසීය.

පොරොන්දු වූ ආකාරයට පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කරන ලෙසත්, බස්නාහිර පළාත් පාසල්වලට කඩිනමින් නිල ඇඳුම් වවුචරයක් ලබාදෙන ලෙසත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් මහතා පවසා සිටියේය.

Leave a Reply

අදහසක් තබා යන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න

- Advertisment -

ජනප්‍රිය ලිපි

බොරු සාක්කි දෙන්න පාඨලීගේ රියදුරාට රු.ලක්‍ෂ 50ක අල්ලසක්

පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු තුසිත විසින් පැදවූ රථයේ අධිවේගී යතුරුපැදියක් පැදවූ සන්දීප් සම්පත් නම් තරුණයා ගැටීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට...

බැඳුම්කර වංචාවෙන් දිලිත් ජයවීරගේ පොකට්ටුවට මුදල් ගිය හැටි

බැඳුම්කරේ පත්තරය ලෙස පසුගිය කාලයේ ප්‍රසිද්ධියට පත්වූ අර්ජුන් ඇලෝසියස් විසින් පවත්වාගෙන ගිය ජනයුගය පුවත්වපත් මුද්‍රණය කළ මුද්‍රණාලය මේ වනවිට පවතින්නේ දෙරණ රූපවාහිනී...

ගෝඨා සජිත් එකට තියන්න බෑ.. නයි පොළොංගු වගේ

සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජනතා බලවේගයේ නායකයන් අතර කිසිදු සමගියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. 'එය හරියට වැලි තලපවල...

යුද හමුදා පොලීසිය රථ වාහන පාලනයට පාරට දමයි

කොළඹ නගර සභා නගරයට ඇතුල්වන පිටවන මාර්ගවල රථවාහන තදබදය අවම කිරීමට යුදහමුදා පොලීසිය ඊයේ (24දා) සිට යොදවා තිබෙන බව හමුදා මූලස්ථානය සඳහන්...

පාඨක අදහස්